Subscribe:

සබරගමුවේ සිසුන්ට කදුළුගෑස් බැටන් පොලු ප්‍රහාර

සබරගමුව සරසවියේ සිසුන් අද දින කොලඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේ අරාම්භ කල උපවාසයට පොලීසිය හා ගුවන් හමුදා සෙබළු එක්ව බැටන් පොලු හා කදුළුගෑස් ප්‍රහාරක් එල්ල කර තිබේ. සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් 5 තහනම් කිරීමත් සිසු නායකයින් 4 දෙනෙකුට පැන වූ අසාධාරණ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් අඛණ්ඩව සටන් කල අතර අද උදෑසන සිසුන් 1000ක පමණ පිරිසක් පඹහින්න මන්සන්දියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය. මෙම උපවසයට පොලිසිය හා ගුවන් හමුදා බටයන් එක්ව කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර සිසුන් 5දෙනෙක් අතඩන්ගුවට ගෙන තිබේ.

සබරගමුව සිසුන් අඛන්ඩ අරගලයේ

අසාධාරණ ලෙස තහනම් කල ශිෂ්‍ය සංගම් හා සිසු නායකයින්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස බලකරමින් 29 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමෙන් පසු සිසුන් උපවාසයක් ආරම්භ කරන ලදී. සිසුන් එහිදී වැඩි දුරටත් කියා සිටියේ පරිපාලනයේ මුග්ධ තීන්දුව හකුලා ගන්නා තුරු සිසු අරගල කිසි විටකත් නතර නොකරන බවත්,සිසුන් බයවද්දා සිසුන්ට මරණ තරජන එල්ල කර නම් මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට පරිපාලනය කටයුතු කරන්නේ නම් ඒ සදහා මුහුන දීමට තමන් සුදාන් බව සිසුන් දැඩි ලෙස කියා සිටියේය.

සබරගමුව සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහාරයට එරෙහිව උද්ඝෝශණයක්

24 වන දින අළුයම සබරගමුව සරසවි සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහරයට එරෙහිව අද දින දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කෙරිනි. සබරගමුව සරසවියේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබෙන ශිෂ්‍ය සංගම් තහනම හා සිසුන්ට පනවා ඇති අසාධාරණ තීන්දු හකුලා ගන්නැයි බල කරමින් සබරගමුව සරසවි සිසුන් උපකුලපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහායක් ආරම්බ කල අතර පසුගිය 24 දින අළුයම 1.45 පමන ආණ්ඩුවේ මැරයන් පිරිසක් පැමින සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලාගොස් තිබේ. තවද සිසු නායකයන්ට දිගින් දිගටම මරන තර්ජන එල්ල කරන අතර සිසුන්ගේ ගැටළු විසදීමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැත. මෙම ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස බල කරමින් අද දහවල් සරසවිය ඉදිරිපිට උද්ඝෝශනයක් ක්‍රියත්මක කෙරිනි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාවක් - වාසු

Vasudeva Nanayakkara
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළක් බව භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසු‍දේව නානායක්කාර මහතා පවසා ඇත. අමාත්‍යවරයා ‍මාධ්‍ය ‍වෙත නි‍වේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ති‍බේ.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම ‍පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට නීත්‍යානුකූල පදනමක් නොතිබීමත්, ජාත්‍යන්තර වෛද්‍ය ප‍්‍රමිතියට අනුකූලව වෘත්තිකයන් බිහිකිරීමට ඇති නොහැකියාවත් නිසි ප‍්‍රායෝගික පුහුණු පහසුකමි හා ශාස්තී‍්‍රය දැනුම ඇති ගුරු මණ්ඩලයක් නොසිටීමත් බරපතල ලෙස ඉස්මතු වන ගැටලුවක් නිර්මාණය කර ඇත.

වෛද්‍ය පුහුණුවක් හා උපාධියක් ලබාදෙන මුවාවෙන් දේශීය හා විදේශීය ශිෂ්‍යයන් ගසා කමින් වක‍්‍ර මාර්ගවලින් රාජ්‍ය අනුග‍්‍රහය ලබාගැනීමට කූට උපාය යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

උසස් පෙළ ප්‍රතිඵල හෙට


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (25) නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.