Subscribe:

සබරගමුව සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහාරයට එරෙහිව උද්ඝෝශණයක්

24 වන දින අළුයම සබරගමුව සරසවි සිසුන්ට එල්ල කල වෙඩි ප්‍රහරයට එරෙහිව අද දින දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කෙරිනි. සබරගමුව සරසවියේ පාලනාධිකාරිය විසින් සිදු කර තිබෙන ශිෂ්‍ය සංගම් තහනම හා සිසුන්ට පනවා ඇති අසාධාරණ තීන්දු හකුලා ගන්නැයි බල කරමින් සබරගමුව සරසවි සිසුන් උපකුලපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහායක් ආරම්බ කල අතර පසුගිය 24 දින අළුයම 1.45 පමන ආණ්ඩුවේ මැරයන් පිරිසක් පැමින සරසවිය ඉදිරිපිට අහසට වෙඩිතබා පලාගොස් තිබේ. තවද සිසු නායකයන්ට දිගින් දිගටම මරන තර්ජන එල්ල කරන අතර සිසුන්ගේ ගැටළු විසදීමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැත. මෙම ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස බල කරමින් අද දහවල් සරසවිය ඉදිරිපිට උද්ඝෝශනයක් ක්‍රියත්මක කෙරිනි.

0 comments:

Post a Comment