Subscribe:

උසස් පෙළ ප්‍රතිඵල හෙට


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (25) නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.

නලින්ද සිල්වාට එරෙහිව සරසවි ඇදුරන් සටනට.

මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පා කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඊයේ සංකේත වර්ජනයක නිරත වූහ. කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරනු පේරාදෙණිය සිසුන් උද්ඝෝෂණයේ..


යෝජිත අධ්‍යාපන පෞද්ගලීකරණ පනතට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පේරාදෙණිය විශ්විද්‍යාලයේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබූ පා ගමන ඊයේ දින ආණ්ඩුව විසින් නතර කරන ලදී.