Subscribe:

ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරනු පේරාදෙණිය සිසුන් උද්ඝෝෂණයේ..


යෝජිත අධ්‍යාපන පෞද්ගලීකරණ පනතට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පේරාදෙණිය විශ්විද්‍යාලයේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබූ පා ගමන ඊයේ දින ආණ්ඩුව විසින් නතර කරන ලදී.

අනතුරුව පේරාදෙණිය සරසවියේ නිල වශයෙන් පිහිටුවා තිබූ මහා ශිෂ්‍ය සංගමය ඇතුලු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරන ලදී. අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් මෙම ශිෂ්‍ය සංගම් තහනම් කරන ලද අතර,මෙ හරහා ආණ්ඩුව සූදානම් වනුයේ යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සිසු විරෝධය නතර කිරීම බව පවසමින්, වහාම ශිෂ්‍ය සංගම් තහනම ඉවත් කරන ලෙස බලකරමින් අද දින දහවල් (22)පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලය ඉදිරිපිට දී සිසුන් විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී.


0 comments:

Post a Comment