Subscribe:

නලින්ද සිල්වාට එරෙහිව සරසවි ඇදුරන් සටනට.

මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පා කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඊයේ සංකේත වර්ජනයක නිරත වූහ. කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති මහාචාර්ය කුලසේන විදානගමගේ මහතා මහාචාර්ය නලින්ද සිල්වා මහතා සිය නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් විභාග අක‍්‍රමිකතා කරමින් ඇදුරන්, සිසුන් හා අනධ්‍යන සේවකයන් අතර අසමගිය වර්ධනය කරන බව පෙන්වාදුන්නේය. මහාචාර්ය නලින්ද සිල්වා කනිෂ්ඨ ඇදුරනට නිග‍්‍රහ කරන බවට චෝදනා කරන ඒ මහතා, සියලූම ඇදුරන් නලින්ද සිල්වාගේ මඟ නොයන බවද පැවසීය. මහාචාර්ය කපිල සෙනෙවිරත්න, ආචාර්ය ලාල් සෙනෙවිරත්න, මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි හා මහාචාර්ය උපුල් රංජිත් යන මහත්වරු ද මහාචාර්ය නලින් ද සිල්වාගේ කි‍්‍රයා කලාපය විවේචනය කලහ.

0 comments:

Post a Comment