Subscribe:

හමුදා පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ

     නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සිසුවියෝඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

      එම පුවත්පතට අනුව, ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දීමට පුහුණුව ආරම්භ කර දින 2 ක්‌ ගත වී ඇති අතර ආහාර පානද කිසිදු ප්‍රමිතියක්‌ නොමැතිබව එම සිසුවියන් දෙමව්පියන්ට පවසා ඇත. මදුරුවන්ගෙන් ගහණපරිසරයක පිහිටි එම කඳවුරේ සිසුවියන්ට පෙරේදා (25 වැනිදා)වනවිට මදුරු දැල් ලබාදී ඇති නමුත් ඒවා එල්ලා ගැනීමටපහසුකම් නැතැයි ද සිසුවියෝ ප්‍රකාශ කර ඇත.
      සිය දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී මෙලෙස කටයුතු කිරීමඔවුන්ට කරන බලවත් අසාධාරණයක්‌ යෑයි දෙමව්පියෝ පවසති.
      මෙම සිසුවියන්ට නෑමට අවසර දී ඇත්තේ රාත්‍රි කාලයේ පමණි.ඉන්පසුව මේ සම්බන්ධයෙන් දෙමව්පියන් එම කඳවුරේබ්‍රිගේඩියර්වරයාට පැමිණිලි කිරීමෙන් පසුව දහවල් කාලයේදීනෑමට අවසර දී ඇත. මෙම තත්ත්වය පිළිබඳව ඇතැම් දෙමව්පියන් ජනාධිපති ලේකම්කාර්යාලයට පැමිණිලි කර තිබේ.

0 comments:

Post a Comment