Subscribe:

සරසවි ඇදුරන් 550කට මෙරට එපා වෙයි

     උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පන්සිය පනහක පමණ පිරිසක්‌ යළි මෙරටට පැමිණ නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචිමාර්ග අනාවරණය කරයි.

      උසස්‌ අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව යළි විශ්වවිද්‍යාල සේවයට පැමිණීමේ එකඟතාව මත අත්සන් කෙරෙන ඇප බැඳුම්කර ගිවිසුම් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති මෙම ආචාර්යවරුන් අතරින් කොටසකට ඒ ඒ විශ්වවිද්‍යාල මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙලෙස ගිවිසුම් උල්ලංඝනය කරන ආචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ වගකීම විශ්වවිද්‍යාල සතු වුවත් ඇතැම් විශ්වවිද්‍යාල බලධාරීන් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවද ප්‍රතිපාදන කොමිෂන් සභාවට වාර්තා වී තිබේ.

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු ගැටළු රාශියක් සම්බන්ධයෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් මේවන තෙක් ඊට විසදුම් ලබාදී නොමැත. එම ඉල්ලීම් මැතිවරණ සමයේ ලබා දෙන බොරු පොරොන්දුවලට පමණක් සීමාවී තිබේ. එවැනි තත්වයක් තුළ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි අසීරුතාවට පත්ව තිබීමද මේ ආකාරයෙන් විදේශගතවීමට බලපා ඇති බව අප සමඟ අදහස් දැක්වූ ආචාර්යවරයෙක් පැවසීය.

0 comments:

Post a Comment