Subscribe:

එස්. බී. ගේ වැඩ කිඩ ටිකක්....

ඔහුට විශ්ව විද්‍යාල සිසුන් වහ කඳුරුය. විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහකදුරුය. ජේ.වී.පී. ‘‘කාරයින්’’ද වහකදුරුය. මන්ද ඒ අයට ඔහුට මෙන් ‘‘විනයක්’’ ‘‘හික්මීමක්’’ නැති නිසාය. දැන් අප කියන්න යන්නේ ‘‘ ඒ විනය ගරුක ’’ ‘‘ගුණ ගරුක’’ මිනිසාගේ වැඩ කිඩ වලින් බිඳකි. ඔහු නම් අන් කවරෙකුවත් නොව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකය. ඔබට කැමති නම් ඔහු හරහා අපේ රටේ ‘‘ගුණ ගරුක, විනය ගරුක’’ මුලූ ඇමති මණ්ඩලයේම වැඩ කිඩ කියවා ගැනීමට අවස්ථාව තිබේ.

ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජී.ඞී.සී. ඒකනායක නැමැත්තා විසින් 2010-08-17 දා තමින් යුතුව වෙළෙඳ තීරු බදු හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිපියක් එවයි. එහි ශීර්ෂය මෙසේය. ‘‘ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ භාවිතය සඳහා ආනයනය කරනු ලබන ටොයොටා (BRAND NEW TOYOTA LAND CRUISER JEEP) ජීප් රථය රේගු ගාස්තු පසුව ගෙවීමේ පදනම මත නිදහස් කර ගැනීම.’’

එම ලිපියට අනුව ජපන් යෙන් 5,763,800 ක වටිනාකමකින් යුත් අදාල ලිපි ශිර්ෂයේ සඳහන් වාහනය 2010-08-11 දින කොළඹ වරායට ලගා වී ඇත. බදු පසුව ගෙවීමේ පදනම මත එය නිදහස් කර ගැනීම සඳහා වෙළෙඳ තීරුබදු හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අනුමැතිය ඉල්ලා ඇත.

ඒ සඳහා රේගු ගාස්තු හා අනෙකුත් ගාස්තු ගෙවීමට අවශ්‍ය යයි සඳහන් ප‍්‍රතිපාදන මුදල රු. 22,448,848 කි. එම මුදලින් රේගු බදු සහ නිෂ්පාදන බදු නිදහස් කිරීමෙන් පසුු ඉතිරි මුදල 2010 වර්ෂයේ අවසන් කාල සීමාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද ප‍්‍රතිපාදන වල ඉතිරිවීම් පිළිබඳව සලකා බලා අතිරේක ප‍්‍රතිපාදනයන් මගින් ලබාදීමට හෝ එසේ නොමැතිනම් 2011 වර්ෂය සඳහා ඇස්තමේන්තු සැකසීමේදී එම ප‍්‍රතිපාදන ඇතුලත් කිරීමට කටයුතු කරන බවත්, කාරුණිකව දන්වා සිටින අතර, එනිසා එම වාහනය ආනයනය උදෙසා අදාල බදු පසුව ගෙවීමේ පදනම මත නිදහස් කිරීම සඳහා එකඟ වෙමි යනුවෙන් ද එම ලිපියෙන් දන්වා ඇත.

ලංකාවේ සමස්ත අධ්‍යාපනයටම ගිය වසරේ වෙන් කර ඇත්තේ රු. මිලියන 48,376 ක් පමණි. එය දල දේශීය නිෂ්පාදනයෙන් 2% කටත් වඩා අඩුය. 2009 වසරට එක් විශ්ව විiාල සිසුවකුට වසරකට වෙන් කර ඇත්තේ රු. 143, 105 ක මුදලකි. එහෙව් තත්වයක් තුල උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදලින් කෝටි 10 කටත් වැඩි වටිනාකමකින් යුත් වාහනයක් උසස් අධ්‍යාපන ඇමතිගේ පෞද්ගලික පාවිචිචියට ගෙන්වයි. ඒ සඳහා රේගු බද්ද වු රු. දෙකෝටි විසිහතර ලක්ෂ හතලිස් අටදහස් හතලිස් අටක මුදලද ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ ලබන වසර සඳහා උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් වලිනි.

මේ ‘‘විනය ගරුක’’ මිනිසාට මෙතරම් ප‍්‍රතිපාදනයක් නොදී කොහොමඳ? මෙහෙම නොසලකා පුළුවන්ද?
 
මෙන්න තවත් වැඩක්.

වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයක් මගින් 2010-09-01 දා තමින් යුතුව එහි සංචාරක සේවා පාරිසරික සංචාරක හා ජනවිහිදුම් කරන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සුරිය බණ්ඩාර නැමැත්තා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් වෙත මෙවැනි ලිපියක් එවා ඇත. එහි මාතෘකාව ‘‘මහා සීලව සංචාරක බංගලාව වෙන් කිරීම’’ නම් වේ. ඒ අනුව 2010-09-12 සිට 2010-09-14 දක්වා දින තුනක් (රාතී‍්‍ර 3 ක්) ගරු එස්.බී. දිසානායක මැතිතුමාගේ රාජකාරි කටයුතු සඳහා යාල ජාතික වනෝද්‍යානයේ මහා සීලව සංචාරක නිවාසය වෙන් කර තබා ඇති බව කාරුණිකව දන්වමි යනුවෙන් සඳහන්වේ. රාතී‍්‍ර 3 ක් සඳහා වන රු. 21000 ක ගාස්තුව ගෙවා මෙම වෙන් කිරීම තහවුරු කර ගන්නා ලෙස එහි වැඩි දුරටත් සඳහන්වේ. ‘‘උසස් අධ්‍යාපන ඇමති යාල වන උiානයේ සංචාරක නිකේතනයක රාතී‍්‍ර 3 ක රාජකාරි කටයුතු’’ අපුරුයි නේද? දන්වමි යනුවෙන් සඳහන්වේ. රාතී‍්‍ර 3 ක් සඳහා වන රු. 21000 ක ගාස්තුව ගෙවා මෙම වෙන් කිරීම තහවුරු කර ගන්නා ලෙස එහි වැඩි දුරටත් සඳහන්වේ. ‘‘උසස් අධ්‍යාපන ඇමති යාල වන උද්‍යානයේ සංචාරක නිකේතනයක රාතී‍්‍ර 3 ක රාජකාරි කටයුතු’’ අපුරුයි නේද?

මීට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් රු. කෝටි 2 කට අධික රථයක් මිලදී ගෙන ඇති බවද වාර්තාවේ.

පසුගිය දිනවල අන්තර් විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය නමින් පෝස්ටරයක් අලවා තිබු හැටි ඔබ දකින්නට ඇත. එහි නායකයා ලෙස කටයුතු කරන්නේ අසංක බුලේගොඩ නැතැත්තෙකි. එස්.බී.ගේ කීකරු හික්මුණු ශිෂ්‍ය කොළු ගැටයෙකු වු මොහු ශිෂ්‍ය උද්ඝෝෂණ කඩාකප්පල් කිරීම සඳහා ද ඇමතිවරයා විසින් නිරන්තරයෙන්ම යොදා ගන්නෙකි. මෙම මධ්‍යස්ථානයේ සියළු කටයුතු සඳහා සෘජුවම මුදල් වියදම් කරන්නේ ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල් වලින් බව දැන් හෙළිදරව් වී ඇත. ඒ සඳහා අසංක බුලේගොඩට මසකට රු. 90,000 ක මුදලක් ලබාදෙන බවද වාර්තාවේ. මොහුට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රියදුරෙක් හා වාහනයක් ද ලබා දී ඇත. සියළු කටයුතු සඳහා සෘජුවම මුදල් වියදම් කරන්නේ ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල් වලින් බව දැන් හෙළිදරව් වී ඇත. ඒ සඳහා අසංක බුලේගොඩට මසකට රු. 90,000 ක මුදලක් ලබාදෙන බවද වාර්තාවේ. මොහුට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රියදුරෙක් හා වාහනයක් ද ලබා දී ඇත.

පසුගියදා දකුණු අපි‍්‍රකාවේ පැවති තරුණ හා ශිෂ්‍ය සමුළුව සඳහා අසංක බුලේගොඩ ඇතුළු විශාල පිරිසක් සහභාගි කරවා ඇති අතර, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද රු. 22, 75,000 ක මුදලක් ලබාදී ඇත. 2010 ඔක්තෝබර් මාසයේ එස්.බී. දිසානායක යාපනයේ කළ සංචාරය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රු. ලක්ෂයක මුදලක් ලබාගෙන ඇත. එම මුදල ගනිමිනි. ලබාගෙන ඇත්තේ නිලධාරින් 5 දෙනෙකුගේ නමට රු. 20,000 බැගින් වෙන් කර ගනිමිනි.

මේ වන විට අමාත්‍යාංශයට අළුතින් සේවකයින් 100 දෙනෙකු බඳවා ගෙන ඇති අතර, ඔවුන් සියළු දෙනාම ඇමතිගේ හෙංචයියන් බව අමාත්‍යංශ ආරංචි මාර්ග සැලකර සිටී.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ල අළුත් වැඩියා කිරීම සඳහා රු. කෝටියකට වඩා මුදලක් දැනටම ඇස්තමේන්තු කර ඇති අතර, ඉහත සඳහන් කළ රු. කෝටි 10 ක වාහනයට අමතරව බී.එම්.ඩබ්. වර්ගයේ වාහනයක් ද ඇමතිගේ පරිහරණය සඳහා ගෙන්වා ගෙන ඇත.

විශ්ව විද්‍යාල සිසු කි‍්‍රයාකාරින්ගේ විනය හැදීමට යයි කියමින් ඔවුන්ගේ ඔලූ පලා පංති තහනම් කර හිරේ දමන මෙම ‘‘ගුණ ගරුක’’ ‘‘විනය ගරුක’’ ඇමතිවරයාගේ ‘‘ගුණය හා විනය’’ මැන ගැනීමට මේ ටිකම වුව ප‍්‍රමාණවත්ය. ඉතින් එහෙව් ඇමතියෙකු උසස් අධ්‍යාපන ඇමති වු කළ එම රටේ රාජ්‍ය නායකයා ඇතුළු සෙසු නායකයින් මොන තරම් ‘‘විනයට’’ ‘‘ගුණයට’’ ගරු කරනවා ද යන්න අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. මෙතරම් ගුණ ගරුක ඇමති මණ්ඩලයක් මෙතරම් ගුණ ගරුක රටක් ලොව කොතැනක වෙත්ද ?

7 comments:

Anonymous said...

නියමයි
.ඔය වගේ වසලයන්ගේ බොරු සිල් රෙදි ගලවන්න ඔනෙ.
මේ රටේ ඔව නොදන්න මිනිස්සු ඉන්න නිසා තමා මේවගේ ජතික හොරු ජාතික නායකයො වෙලා නටන්නේ.මේව ප්‍රසිද්දකරන ඵක වටිනවා.

``` Outsider``` said...

මේ රටේ කවුරුත් ඕව දන්නව බං ඒත් මේ රටේ බහුතර එවුන් වඩාත්ම කැමැත් හොරුන්ට, තක්කඩින්ට, මැරයන්ට කියල ඡන්ද ප්‍රතිඵල වලින්ම පෙනෙන්නෙ නැද්ද?

Anonymous said...

ඵ්ක ඈත්ත මචන් ඵ්කනෙ ල0කව මෙච්චර දියුනු.

Anonymous said...

අංසක බුලේ ගොඩ කියන්නේ කලින් කැම්පස් එකක ශිෂය සන්ගම් නායකයෙක් වෙලා උන්නු කෙනෙක්ඩ? මට ටිකක් අහලා පුරු වගෙ නිසා අහන්නේ

Anonymous said...

ආ, එතකොට රැකියා විරහිත උපාධිධාරීංගේ සංගමේ ලේකම් සුසන්ත කුරුවිට, තමන්ගේ බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් නයින් වෙල්ස් රෝහලට රුපියල් 90,000ක බිලක් ගෙවන්නේ කොහොමද? මේවත් හොයල කියමුකො බලන්න.

Anonymous said...

ආ, එතකොට රැකියා විරහිත උපාධිධාරීංගේ සංගමේ ලේකම් සුජිත් කුරුවිට, තමන්ගේ බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් නයින් වෙල්ස් රෝහලට රුපියල් 90,000ක බිලක් ගෙවන්නේ කොහොමද? මේවත් හොයල කියමුකො බලන්න.

Anonymous said...

අනේ ලොක්කා අමන දේසපාලුවො ගසාකන්නෙ අපේ සල්ලි.අපි කෑමති උනත් අකමෑති උනත් ගන්න බදු සල්ලි.
කුරුවිටයා අන්ඩුවේ රස්සාවක් කරන ඵ්කෙක් නෙවෙයිනේ.ඵ්තන ජනතවගේ සල්ලි නෑනේ.
ඔන්නම් පොර JVPඵ්කේ කෑටසල්ලි ගෑහෑව්වයි කියමුකෝ.ඵක අදාල JVPඵකට කෑමෑත්තෙන් සල්ලි දෙන උන්ට.ඔක ඈත්ත නෑත්ත අනුව මිනිස්සුන්ට කෑමතිනම් හෙට ඉදන් JVPට සල්ලි දෙන්නත් නොදෙන්නත් පුලුවන්.
ඵ්ත් බදු සල්ලි ඵ්හෙම නෑ.
මොකා හොරාකෑවත් අපි හෙටත් ගෙවන්න ඵ්පෑයි.
මිනිස්සු ගෙවනවා මුන් ගහනවා.මාර නීතියක්නේ.

Post a Comment