Subscribe:

අධිකරණයට අපහාස කිරීම එස්.බී.ට සාමාන්‍ය දෙයක්ද? - අන්තරේ

     අධිකරණයට අපහාස කිරීම එස්.බී. දිසානායක මහතාට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත්දැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රශ්න කරයි. සිසුන්ට හමුදා පුහුණුව ලබාදී මේ වැඩසටහන සතියකින් කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් එම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවට එස්.බී. දිසානායක මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම බලමණ්ඩලය මේ බව ප්‍රශ්න කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ

      එස්. බී. දිසානායක අමාත්‍යවරයා මීට පෙරද අධිකරණයට අපහාස කිරීමසම්බන්ධව වරදකරුවූවකු වශයෙන් මෙය සාමාන්‍ය දෙයක් ලෙස සලකනාවා විය හැකි වුවදරටක නීතියට ගරුකරන බහුතරයක් වූ ජනතාව මෙය තරයේ හෙලා දැකිය යුතු කරුණක් වේ.

      නියෝගය ලබාදී පැයකටත් අඩු කාලයකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක විසින් විද්‍යුත් මාධ්‍ය හරහා තමන් එකී වැඩසටහන පවත්වන බවටප‍්‍රකාශකර ඇත. මෙය නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම කෙලෙසා දමනශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොසළකා ලබාදුන් ප‍්‍රකාශයක් වන අතර නීතිපතිවරයාටලබදුන් නියෝගය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි.

      එස්. බී. දිසානායක අමාත්‍යවරයා මීට පෙරද අධිකරණයට අපහාස කිරීමසම්බන්ධව වරදකරුවූවකු වශයෙන් මෙය සාමාන්‍ය දෙයක් ලෙස සලකනාවා විය හැකි වුවදරටක නීතියට ගරුකරන බහුතරයක් වූ ජනතාව මෙය තරයේ හෙලා දැකිය යුතු කරුණක් වේ.විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමේ නාමයෙන්සියලූම දෙනා මීට විරුද්ධව නැගී සිටිය යුතු බව අපගේ හැගීමයි.

      තවද 2011 වසරේ සරසවි වරම්ලත් සියලූම සිසුන් සහ ඔවුන්ගේදෙමාපියන්ට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක‍්‍රියාකලාපයටවිරුද්ධව නැගී සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.

0 comments:

Post a Comment