Subscribe:

හමුදා පුහුණුවට සරසවි ඇඳුරන්ගේ විරෝධය

     විශ්වවිද්‍යාල තුලට ඇතුළත්වන නවක සිසුන්ට යුද හමුදා කඳවුරු තුළ හමුදා පුහුණුවක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

      මෙම හමුදා පුහුණුව සියලුම සිසුන්ට අනිවාර්ය කර තිබීම සහ එය ලබා දෙන ක්‍රමවේදය පිළිබඳ එකඟවිය නොහැකි බැවින් ඊට විරෝධය දැක්වීමට තම සම්මේලනය තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.

      ඒ අනුව මෙම පුහුණුවට විරෝධය පා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙන විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරිමට බලාපොරොත්තුවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment