Subscribe:

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මව්පියෝ ගස් නඟිති

     සිය දරුවන්ට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබාගැනීමට හැකිවන පරිදි වත් පාසලේ පහසුකම් පුළුල් කරන්නැයි ඉල්ලා වලස්මුල්ල ප්‍රදේශයේ පාසලක මව්පියවරුන් පිරිසක් ගසක් මතට නැග මාරාන්තික උපවාසයක් පසුගියදිනක ආරම්භකර තිබිනි.

     වලස්මුල්ල, අළුපොත්දෙණිය විද්‍යාලයේ සිසු දරුදැරියන්ගේ මව්පියන් සිව්දෙනෙකු මෙම විරෝධතාවයට එක්වී තිබේ. අදාල විදුහලේ පන්ති පැවැත්වෙන්නේ 9 වසර දක්වා පමණක් බවත්, අවම වශයෙන් 10, 11 වසර පන්ති වත් නිල ලෙස මෙම විදුහලේ පවත්වන ලෙසත් මෙම දෙමව්පියෝ ඉල්ලා සිටිති. මේ වනවිට පාසලේ ගුරුවරුන් විසින් 10, 11 වසර සඳහා සිසුන්ට පන්ති පවත්වමින් අධ්‍යාපනය ලබාදීමට උත්සාහ කළද එම සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී නොමැති බවද ඔවුහූ පෙන්වා දෙන ලදී.

     මෙම ඉල්ලීම බලධාරීන් විසින් ඉටු නොකළ හොත් සිය සිරුරට ගිනි තබාගන්නා බවටද මෙම දෙමව්පියෝ අනතුරු හඟවූබවද වාර්තාවින.

0 comments:

Post a Comment