Subscribe:

උසස් පෙළ ප්‍රතිඵල හෙට


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (25) නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරන ඒ මහතා, හෙට පෙරවරුව වන විට ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරන බව පවසයි.
මෙවර විභාගයේ නව සහ පැරණි නිර්දේශයට අදාළව ඉසෙඩ් ලකුණු තීරණය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ මත මෙම ප්‍රතිඵල නිකුත් කරන බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට හෙට දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගත හැකි අතර පිට පළාත්වල‍ ප්‍රතිඵල ලේඛන හෙට දිනම තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. 

0 comments:

Post a Comment