Subscribe:

කඳවුරුවල වැසිකිලි සේදිමත් පාඨමාලාවට ඇතුළත් - එස්. බී. කියයි

     සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් උදෙසා පවත්වනු ලබන පාඨමාලාවට වැසිකිලි සේදීම සම්බන්ධ පුහුණුවක් ද ඇතුළත් බව අද (26 බ්‍රහස්පතින්දා) පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

      ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.



      එම පුහුණුවට සහභාගී වී ඇති සිසුන්ට හමුදා කඳවුරුවල වැසිකිලි සේදීමට සිදුවී ඇතැයි වාර්තාවන බව පැවසූ අනුර දිසානායක මහතා එය මෙම පාඨමාලාවට ඇතුළත් අංගයක්දැයි ප්‍රශ්න කර තිබේ. එයට පිළිතුරු ලෙස අමාත්‍යවරයා පවසා ඇත්තේ එම පුහුණුවද මෙම නායකත්ව පුහුණුවේදී ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

0 comments:

Post a Comment