Subscribe:

ජනපති හමුවෙන් විසඳුමක් තබා ඉඟියක්වත් ලැබුණෙ නැහැ - සරසවි ඇදුරෝ පවසති

     ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (25 බදාදා) පැවැත්වූ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

      කෙසේවුවද සිය ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා අවසානයේ එකඟ වූ බවද ඒ අනුව එළඹෙන ජුනි 03 වැනිදා යළි සාකච්ඡා පැවැත්වෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් වාර්තා කර තිබිණි.

      මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය කුමක් පැවසුවද ‍ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව තුළින් විසඳුමක් තබා විසඳුමක ඉඟියක්වත් ලබාගැනීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.
      ඒ අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කිසිදු ආකාරයකින් හකුලාගැනීමට තමන් සූදානම් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි. මේ වනවිට සරසවි ආචාර්යවරුන් සිය අරගලය තුළදී දැඩි පීඩනයකට සහ ආණ්ඩුවේ අපහාස අවලාදවලට මුහුණ දී ඇති බවත් එබැවින් විසඳුමකින් තොරව අරගලය අතහැර දැමීමට තම සම්මේලනය හෝ එහි සාමාජිකයන් සූදානම් නැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment