Subscribe:

අවශ්‍ය නම් විදේශිය සරසවිවල උගන්වා වැඩිපුර සල්ලි හොයන්න - එස්.බී. සරසවි ඇදුරන්ට කියයි

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශීය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමෙන් සහ බාහිර පාඨමාලා මෙහෙයවීමෙන් විශාල ආදායමක් උපැයිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

      රජය ප්‍රතිපත්තිමය වශයෙන් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිගන්නා නමුත් මේ මොහොතේ වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. ආචාර්යවරුන්ට අවශ්‍ය නම් බාහිර පාඨමාලා මෙහෙයවීමෙන් සහ විදේශීය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමෙන් වැඩිපුර ආදායමක් උපයාගත හැකි බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment