Subscribe:

SB විනයක් නැති ඇමතිවරයෙක් - මල්වතු නා හිමි

     එස්.බී. දිසානායක අමාත්‍යවරයා යනු විනයක් නොමැති පුද්ගලයකු බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ නියෝජිතයින් මල්වතු හිමියන් බැහැදුටු මොහොතේය.

      නවක සරසවි සිසුන් වෙත බලහත්කාරයෙන් පටවා ඇති අනිවාර්ය හමුදා පුහුණුව, සරසවි සිසුන්ට සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට අවමන් සහගත ලෙස සලකන උසස් අධ්‍යාපන අමාතයවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත් එහිදී මල්වතු නා හිමියන්ගේ අවධානයට ලක්කරන ලදී. විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපවත්වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මහතා සිදුකළ නින්දා සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් මල්වතු හිමියන්ගේ දැඩි අවධානය යොමු කෙරිනි.

      එම අවස්ථාවේදී අදහස් දැක්වූ මල්වතු මහා නා හිමියන්,ආණ්ඩුවඅපි කියන කිසිම දෙයක් අහන්නේ නෑ. අපි කළිනුත් ආණ්ඩුවට නොයෙක් දේවල්සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. නමුත් පාලකයින් ඒ සම්බන්ධයෙන් ඇහුම්කන්දුන්නේ නෑ. දැන් මේ හැම දෙයක්ම සිදුවෙලා තියෙන්නේ ඔවුන් හිතුමනාපෙට වැඩකරනනිසා” යැයි පැවසීය.

      මෙම අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලීය භික්‍ෂුබලමණ්ඩලයේ කැඳවුම්කරු කඹුරුපිටියේ ඥාණීස්වර හිමියන් ඇතුළු ශිෂ්‍යභික්‍ෂූන් වහන්සේ පිරිසක් සහභාගී වූහ.

0 comments:

Post a Comment