Subscribe:

හමුදා පුහුණුවට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට?

     නවක සරසවි සිසුන්ට ලබා දෙන නායකත්ව පුහුණුවට එරෙහි පෙත්සම් විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කරුවන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් ලබන සදුදාට (30) ට පෙර තීන්දුවක් ලබා දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.

      ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද විභාගය ගත් අවස්ථාවේදී මෙම සිදුවීමට අදාලවම තවත් පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. එමෙන්ම දැනට අධිකරණයට ඉදිරිපත්කර අති පෙත්සමට තවත් මැදිහත් පෙත්සම්කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.

      එහිදී පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටියේ ජාතික වටිනාකමකින් යුත් කටයුත්තක්සේ සලකා මෙම පෙත්සම් විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකරන ලෙසයි.

      ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ලබන 30 වැනිදාට කල් දැමූ අතර පංච පුද්ගල විනිසුරුමඩුල්ලක් පත්කරන්නේද යන්න පිළිබඳව එදිනට පෙර අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment