Subscribe:

මිලිටරි පුහුණුව: කන්නත් නෑ, වැසිකිලිත් නෑ, වැඩකුත් නෑ, දරුවෝ ඇඬූ කදුළින්

     හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි.

     සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා වැය කර එස්.බී. දිසානායකගේ බඩු ලැයිස්තුව ද රැගෙන හමුදා කඳවුරු කරා ගිය නවක සිසු සිසුවියන් බොහෝ දෙනෙක් ප්‍රථම දිනය ගත කළේ ඇඬූ කදුළින් බව තොරතුරු මාර්ග පවසයි.

මෙසේ කඳවුරු කරා ගාල් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් මෙසේය:

     ”මේක අමූලික බොරුවක්. එහාට මෙහාට යවනව ඔහේ වැඩක් නැතිව. කෑම කිසිම රහක් නෑ. වැසිකිළි අන්තිම අපිරිසිදු යි. ඒවයේ ලයිට් නැහැ. කිසිම ළමයෙක් කැමැත්නෙත් ඇවිල්ල නැහැ. ආවේ නැත්නම් යුනිවර්සිටි යන්න බැරිවේවි කියළ බයේ ඇවිල්ල තියෙන්නේ”

     ”ළමයි අඩනව, අද තිබුණේ ජනාධිපතිගේ කතාව විතරයි. පව්, මෙඩිකල් කොලේජ් යන්න ඉන්න ළමයිනුත් අඩනව. හමුදාවෙ අය නම් හරි හොඳයි. එ ගොල්ලොත් කියන්නේ මේක මළ විකාරයක් කියළ. කවදද ආපහු යන්නේ කියළ අහනව. අපේ ළමයකුට ඇහිල තියෙනව කරන්න ගිය වැඩේ කරන්න බැරි උනානෙ කියනව”

     ”මෙඩිකල් අරන් ආපු ළමයින්ටවන් යන්න දුන්නේ නැහැ. මිලිටරි කට්ටිය බලල ලෙඩක් නැහැ කියළ ඇතුළට ගන්නව, වෙලාවකට යුද්ධ හමුදාවේ වගේ සැරෙන් කතා කරනව.”

     ”පේන විදියට උද්ඝෝෂණ නිසා සැළැස්ම අවුල් වෙලා. ඉදළ තියෙන්නේ හමුදා පුහුණුවක් දෙන්න. තාම නම් එහෙම කතාවක් නෑ.”

     ”දහස් ගාණක් ලමයි හැන්ඩ්ල් කර ගන්න මේ ගොල්ලන්ට බැහැ. ඔන්න ආයෙත් කතා කරනව. මම යනව”

3 comments:

Anonymous said...

මාත් මෙ ලියන්නේ ගාල්ලේ කෑම්ප් දෙකින් එකක ඉදලා.මටත් මෙ පුහුනුව ගැන කලකිරිමෙන් තමා හිටියේ.ඒත් දැන්නං එහෙම නැහැ.අපිව බොරුවට බය කලා මාධ්‍ය වලින්.මෙහෙ ඒ කියපු තරංනං නරකක් නැහැ.අපි මෙතන ලමයි පන්සීයක් ඉන්නවා.ඒත් අපිනං දැන් රෑට කාලා නිදා ගන්න හදන්නේ.අද දවසනං හොදටම හොදයි.
විවේකයක්නං නැහැ දවසම එක දිගටම මහන්සි උනා.ඒත් හරි විනොදයි.ඒ වගේම මාසයක්වත් මේක දෙනවනං මංනං ආසයි.මං විතරක් නෙවෙයි අපේ සෙට් එකම එහෙම තමයි අද මේ කතා කරකර හිටියේ.

Anonymous said...

මෙන්න නයා.........
කෑම්ප් වල කොහෙද බන් ඉන්ටර්නෙට්.තිබ්බත් උබලටදෙනවාද.කව්ද බන් මේ බොරු ලියන උබ,මහින්ද අබේසුන්දරගෙ මුනුපුරාද?

Anonymous said...

සොරි වෙන්න ඕන සහොදරය.මමයි අර උඩින් කමෙන්ට් කලෙ.මගේ ෆොන් එකෙන් ආවේ. දන්නෙ නැත්තං දන්න කෙනෙකගෙන් අහලා කියන්න.දැනුත් යන්තං ෆ්‍රී ටයිම් එකේ මේ එන්නෙ මගේ තාත්ති ඔයා කිව්ව කෙනෙක්නං නෙවී.

Post a Comment