Subscribe:

ආණ්ඩුව හමුදා පුහුණුවේදී සිසුන්ගේ ජීවිත මරණීය අනතුරුවලට ඇද දමලා -අන්තරේ

     ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සඳහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසකසිසුන් මාරාන්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙනබව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.
       ඔහු එසේ අදහස් දැක්වූයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදීය. මීට පෙර සර්පයන් දෂ්ඨ කිරීම, වල් අලි පහරදීම,ආහාරවිෂවීම යනාදී සිදුවීම් වාර්තා වූ බවද ජුනි මස 01වෙනිදා මාදුරු ඔය රීත් හමුදා කඳවුරෙන් හදකම්පා කරවන සුළු සිදුවීමක්වාර්තා වී ඇති බවද බණ්ඩාර මහතා පැවසීය. එදිනද සුපුරුදු පරිදි සිසුන්ට නව පාඨමාලාවක් ආරම්භ කර එය 'අභියෝගතා ජයග‍්‍රහණයට හුරු කරවීම' ලෙස නම් කර තිබූ බව සඳහන් කළ බණ්ඩාර මහතා ටයර් යටින් රිංගා යාම, පලංචි උඩ නැඟීම,කම්බි වැටවල් යටින් බඩ ගා යෑම,අඩි 6 ක් උස තාප්පයකින් පැනීම,අඩි 6 ක් ගැඹුර වලකට උඩින් පැනීමයනාදිය මෙහිදී සිසුන්ට කිරීමට සිදුව ඇති ක‍්‍රියාකාරකම් බවද සඳහන් කළේය.

      එහිදී තාප්පයෙන් පැනීමෙන් අනතුරුව කකුලේ වළලූ කර අසලඇති වූ ආබාධයක් නිසා ඇඳ වැටී ඇති කේ.කේ. සෙව්වන්දි ශිෂ්‍යාවත් මෙම හිරිහැර දරාගත නොහැකි ව උණසන්නිපාතය වැළඳී සිටි තවත් ශිෂ්‍යාවකුත් මුලින්ම අරණගන්විල රෝහලට ඇතුළත්කර ඇති බවද හමුදා නිලධාරියෙකු හා නිලධාරිනියක මෙම සිසුවියන් දෙදෙනා රෝහල් ගතකර පිටව ගොස් ඇති බවද පසුව සිසුන් දෙදෙනාගේ තත්වය බරපතල වූ බැවින් වෛද්‍යවරුවිසින් ඔවුන් අරණගන්විල රෝහලෙන් පොළොන්නරු රෝහලට මාරුකර යවා ඇති බවද පැවසූ සංජීව බණ්ඩාර මහතා එහිදීකිසිදු හමුදා නිලධාරියෙකු සිසුන් සමඟ සිට නොමැති බවද පැවසීය.
       තවද අසනීප වූ බව සිසුන්ගේනිවෙස් වලටද දන්වා නොමැති අතර වළලූ කර අසල තුවාල ලැබූ ශිෂ්‍යාවගේ දෙමව්පියන් රෝහලට පැමිණ ඇත්තේ ඇය නිවසට කතා කිරීමෙන්අනතුරුව බවද මෙහිදී එම ශිෂ්‍යාවගේ කකුලේ වළලූකර අසල බිඳී ගොස් ඇති අතරශල්‍යකර්මයකටද ඇයව භාජනය කර ඇති බවද පැවසූ අන්තරේ කැඳවුම්කරු ඇයට සාමාන්‍ය පරිදිඇවිදීමට නම් මාස 3ක් පමණ සාමාන්‍ය තත්වය යටතේ ප‍්‍රතිකාර ලබා ගත යුතුබවට වෛද්‍යවරුන් පවසා ඇති බවද පැවසීය. එසේ නොවී අතුරු ආබාධ ඇතිවුවහොත් තවත් බොහෝ කල් යනතුරුසාමාන්‍ය පරිදි ඇවිදීමට නොහැකි විය හැකි බවත් වෛද්‍යවරු පවසා ඇති බවද හෙතෙම පැවසීය.
       හමුදානිලධාරීන් පවසා ඇත්තේ මෙය ගණන්ගන්නට තරම් දෙයක් නොවන නිසා දෙමව්පියන්ට දැනුම් නොදුන් බව යැයිද පැවසූ බණ්ඩාර මහතා ශිෂ්‍යාවක් මාස 3 4කට ඔත්පලවීම හමුදානිලධාරීන්ට ගණන් ගතයුතු තරම් දෙයක් නොවන්නේදැයි ප්‍රශ්න කළේය.
       එසේම පසුගිය සති 2ක පමණ කාලයතුළ අරනගංවිල, පොලොන්නරුව හා ඒ අවට රෝහල් වලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතිසිසුන් සංඛ්‍යාව 20කට වඩා අධික බවත් කකුළ ආබාධයට ලක් වූශිෂ්‍යාවට අමතරව ජුනි මස01 දින තවත් ශිෂ්‍යාවන් පස්දෙනෙකුද රෝහල් ගතකර තිබෙන බවත් පැවසූ බණ්ඩාර මහතා ඉන් තිදෙනෙකුටබරපතල ලෙස මානසික ආතතිය ඇතිවීම නිසා සාමාන්‍ය ජීවිතයේ කිසිවක් කළ නොහැකිතත්ත්වයට පත්ව ඇති බවත් පැවසීය. සිසුන් abnormal (අසාමාන්‍ය) තත්ත්වයට පත්ව ඇති බවට වෛද්‍යවරු පවසා ඇති බවද හෙතෙම සඳහන් ක‍ළේය.
      එසේම පොලොන්නරුව රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන ඊයේ නැවත කඳවුරුවලට රැගෙන ගියසිසුන්ගෙන් බොහෝ දෙනෙක් දණහිස් හා කකුල් විශාල වශයෙන් තුවාලවූවන් බවද මෙහිදී එක් ශිෂ්‍යාවකගේ දණහිස ආබාධයට ලක්ව තිබුණේ අධික ව්‍යායාම් නිසාඇදවැටීමෙන් බවද ඒ මහතා පැවසීය.
       මේ වනවිට වාර්තා වී ඇත්තේ සිදුවීම් කිහිපයක් පමණකැයිදකොතරම් සිදුවීම් සිදුවුවද සිසුන් විශාල පීඩාවකින් පසුවුවද දෙමාපියන්වත්, සිසුන්වත් මේ කිසිවක් ජනමාධ්‍ය වෙත හෝ වෙනත් කිසිවෙකු වෙත වාර්තා නොකරන්නේ කඳවුරුවලදී ඉහළ නිලධාරීන් සිසුන්ට තර්ජනය කර ඇති නිසා යැයිද ප්‍රකාශ කළ සංජීව බණ්ඩාර මහතා මෙසේ තොරතුරු අනාවරණය වුවහොත් ඔවුන්ගේ ජීවිතවලට හෝ විශ්වවිද්‍යාල ජීවිතයටබලපෑමක් ඇති වේ යැයි බියෙන් බවද පැවසීය.
       මාධ්‍ය හමුවේදී තවත් සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති බවද පැවසූ බණ්ඩාර මහතා බූස්ස හමුදා කඳවුරේ ශිෂ්‍යාවක තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඇය බැලීමට දෙමාපියන්ට හැර අන් කිසිවෙකුට ඉඩ ලබා දී නැතැයිද, බූස්ස හමුදා කඳවුරේඑක් හමුදා නිලධාරියෙක් ‘‘ තොපි කඳවුරේ කැතකළොත් තොපේ කටවල් වලින් අද්දන්නෙ දැනගනිල්ලා’’ යැයි සිසුන්ට තර්ජනය කර ඇතැයිදඇඹිලිපිටිය කඳවුරේ ආහාරවිෂ වී අසනීප වූ සිසුන් ප‍්‍රතිකාර ගැනීම සම්බන්ධව තොරතුරු එළියට ගියේයැයි කියා ඉහළ නිලධාරියෙක් සිසුන්ට බැණ වැදී ඇතැයිද, මාදුරුඔය කඳවුරේ ශිෂ්‍යාවන් විලාප දෙද්දී ඔවුන්ට අඩි 06ක් ගැඹුර වළකින් එහාට පැනීමට බලපෑම් කර ඇතැයිද වැඩිදුරටත් හෙතෙම පැවසීය.
 පහත පළවන්නේ කේ.කේ. සෙව්වන්දි ශිෂ්‍යාවගේ ඡායාරූපයකි.



2 comments:

Anonymous said...

කාලකන්නි යක්කු අහින්සක ජීවිත විනාස කරන්න හදනවා,හෙන ගහනවා ඔය කාලකන්නින්ට.

Anonymous said...

pissu wedak, aparade salli, cmps ewun nethi karannada hadanne?

Post a Comment