Subscribe:

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට ශිෂ්‍ය භික්ෂුවක් බිලිවේ

     විභාභ ප්‍රතිඵල අත්හිටුවීම හේතුවෙන් අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වස පානය කර අපවත්වී තිබේ. මෙසේ අපවත්ව ඇත්තේ භික්ෂු විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලැබූ කඩු කිරින්දේ සිරිසුනන්ද ස්වාමීන් වහන්සේය.

     උන්වහන්සේ මෙසේ අපවත්වී ඇත්තේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේදීය. පසුගිය 8 වෙනිදා රාත්‍රී උන්වහන්සේ වස පානය කර ඇති අතර වස පානය කිරීමට පෙර උන්වහන්සේ ලිපියක් ලියා ඇත. විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව තම ප්‍රතිඵල අත්හිටුවීම හේතුවෙන් මෙසේ වස පානය කර මිය යාමට තීරණය කළ බව එම ලිපියේ සදහන්ව ඇති බව පැවසේ.

     බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ පසුගිය දිනවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 4 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල කිසිදු පදනමකින් තොරව අත්හිටුවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබූ අතර සිරිසුනන්ද ස්වාමීන් වහන්සේද ඒ අතර සිට ඇත.

3 comments:

Anonymous said...

Palayan yanna, JVP ponnayo,

Anonymous said...

Jeppo vaha povala venna ati..

Anonymous said...

jvp para ballo.thopi thamai rata keewe.thopi marapu ratak watina kollange shape thamai thopitath thope pakshetath wedila thiyenne...thopi hedi gevilama palayau.....

Post a Comment