Subscribe:

ආචාර්යවරුන්ගේ අරගලයට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ පූර්ණ සහය

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරබා ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව එම සම්මේලනයේ සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා පැවසීය.

     තම සම්මේලනය විසින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් විෂමතා, 2006 වර්ෂයේ වැඩිකළ යුතු 50% වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාකච්ඡා ඉල්ලා සිටියත් එය ආසාර්ථකවූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

     එවන් තත්වයක් තුළ ආණ්ඩුව පොරොන්දුවූ වැටුප් වැඩිවීම ලබා නොදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන වාත්තීය ක්‍රියාමාර්ගයට තම සම්මේලනය පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment