Subscribe:

සරසවි තුළ ස්වේච්ඡා තනතුරු නෑ,තනතුරුවලින් ඉවත් වූවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා-UGC

     වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධව තොරතුරු ලබාදෙන ලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට මේ වනවිට දන්වා යවා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසයි.

     විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නියැලී සිටින වෘත්තීය ක්‍රියාමාර්ගය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත් ආචාර්යවරුන් පවසන ආකාරයේ ස්වේච්ඡා තනතුරු විශ්ව විද්‍යාල තුළ නොපවතින බවත් හෙතෙම සඳහන් කරයි.

     එසේ පවසන සමරනායක මහතා තනතුරු වලින් ඉවත්වූ ආචාර්යවරුන්ට චක්‍රලේඛයට අනුව ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කරයි.

0 comments:

Post a Comment