Subscribe:

එස්.බී. අග්නි දිග විශ්වවිද්‍යාලයට පැන යකා නටයි...

     උසස්අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා ඊයේ (30) දින පෙ.ව.9.00ට පමණ අග්නි දිග විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සහතිකපත් ප‍්‍රදානෝත්සවයකට සහභාගී විය. මෙහි දී ඇමතිවරයා හැසිරී ඇත්තේ විශ්වවිද්‍යාලයක දී හැසිරිය යුතු ආකාරයකට නොව දඩබිමක දඩයක්කාරයෙකු හැසිරෙන ආකාරයට ය.

     එසේ ම සරසවිය පුරා පොලිස් නිලධාරීන් සියයක්පමණක් ද පුස්තකාල, දේශන ශාලා, ආපන ශාලා, නේවාසිකාගාර වල පමණක් නොව වැසිකිළි අවට පවා රහස් ඔත්තුකරුවන් රඳවමින් ද අවි අමෝරාගත් එස්.ටී.එෆ්. භටයින් ද, පුද්ගලික ආරක්ෂකයින් ද පිරිවරා පැමිණි ඇමතිවරයා සිසුන්ට සිය චණ්ඩිකම් පෙන්වීමට උත්සාහ කර තිබේ.

     මෙහි දී සිසුන් එස්.බී. දිසානායක ඇමතිවරයා සිතූ පරිද්දෙන් මල්මාලා දමා පිළිගන්නවා වෙනුවට හූ කියමින් විරෝධය දැක්වූහ. එයින් කෝපයට පත් ඇමතිවරයා සිය ආරක්ෂකයින් ලවා සිසුන්ට පහර දී ඇත. ඇමතිවරයාගේ අණ පරිදි ආපන ශාලාවට කඩා වැදුණු එස්.ටී.එෆ්. නිලධාරීන් ‘‘හූ කිව්වේ කව්ද යකෝ’’ යැයි අසමින් එක් සිසුවෙකුගේ කොලරයෙන් ඇද ඔහුට පහරදී ඇත. එසේම තුවක්කු එල්ල කොට අනෙකුත් සිසුන්ට තර්ජනය කිරීමට ද කටයුතු කර ඇත. ඉන් අනතුරුව සිසුන් තිදෙනෙකුට මාස තුනකට පන්ති තහනම් කිරීමට කටයුතු කර ඇත.

      මෙම සිදුවීම සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

      "මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේඑස්.බී. දිසානායක ඇමතිවරයා විශ්වවිද්‍යාලතුළ ආණ්ඩුවේ බලය පෙන්වීමට මිලිටරි බලය යොදා ගන්නා ආකාරයයි. මෙය මීට පෙරසිදු වූ සිදුවීම් වලට සාපේක්ෂව ඉතාමත් භයානක මර්දනයක්. අද එස්.ටී.එෆ්. නිලධාරීන්ට සිසුන්ට පහර දීමට හැකි නම් හෙට දින වෙඩි තබා මරා දැමීමට ද අපහසු නොවනු ඇත.ආණ්ඩුව ගමන් කරමින් ඇත්තේ එතැනට බව ඉතා පැහැදිලිය.

      අප අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙසට මෙම පහරදීමට සහ අත්තනෝමතික ලෙස සිසුන්ට පැන වූ පන්ති තහනම පිළිකුල් සහගතව හෙළා දකිමු.

      එසේ ම මෙම අසාධාරණ පංති තහනම් ඉවත් කරන ලෙසට විශ්වවිද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින අතර එසේ නොවන්නේ නම් අග්නි දිග සිසුන් සමඟ එක්ව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග වලට එළැඹීමට සිදු වන බව ද අවධාරණය කර සිටිනවා. "

3 comments:

Anonymous said...

ඔය සක්කලි බල්ලට හෙන වදින්න ඕනේ. ඔය පරයාට ඇමතිකම දුන්නාට වැඩිය හොදයි පාරේ යන බල්ලෙක්ට දුන්නා නම්

Anonymous said...

add ur blog www.lankeeya.info

Anonymous said...

thanks ur idea

Post a Comment