Subscribe:

ආණ්ඩුවේ මිලිටරි පුහුණුවට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභා කරයි

     සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට පවත්වන නායකත්ව පුහුණු වැඩසටහනට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05කි අද (02 බ්‍රහස්පතින්දා) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභා කර තිබේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග සහ කේ. ශ්‍රී පවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලිනි.

     මෙවැනි පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට බලයක් නොමැති බවද එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවද එහිදී පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණය වෙත දැනුම් දී තිබිණි. එහෙත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනත යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට බලය පවතින බවට නීතිපතිවරයා විසින් අද අධිකරණයට දැනුම් දී තිබිණි.

     එම කරුණු සළකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට කිසිදු පදනමක් නැති බවයි

1 comments:

Anonymous said...

Huuu adda ubalata... Gon jeppo

Post a Comment