Subscribe:

විශ්වවිද්‍යාල මූලික කරගත් පාලන ක්‍රමවේදය දැන් ඉවරයි - ඩලස්

     සරසවි අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් මෙරට රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වත්මන්ජනාධිපතිවරයා විසින් වෙනස් කළ බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස්අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ මාතර ප්‍රදේශයේ අද පැවැති උත්සවයක්අමතමිනි.

      එහිදී අදහස් දැක්වූ ඒ මහත, "මෙතෙක් පැවැති අපේ දේශපාලන, ආර්ථික අධ්‍යාපන ක්‍රියාවලියේ මූලික ඉලක්කය වුණේ ප්‍රතිපත්ති නිර්මාණය වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන හිතල විතරයි. ඉන් එහාට අපේ දේශපාලන අධ්‍යාපන ප්‍රතිපත්තිය නිර්මාණය වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් මෙපිට දේශපාලන අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය කළේ. එනිසා ඔහුට යුද්ධය නිමා කිරීමේ ගෞරවය මෙන්ම එහි ගෞරවයත් හිමිවිය යුතුයි. " යැයි පැවසීය.

2 comments:

Anonymous said...

Dalas, Oyage An(g) Dekama Hodata Polosh Karalada???

Anonymous said...

Dalas kiyanne campus giyapu ekeda?

Post a Comment