Subscribe:

සරසවි ඇදුරු අරගලයට ජ,පුර සිසුනුත් සහයට

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අරඹා ඇති අරගලයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් මැයි 25 වෙනි බදාදා දහවල් විරෝධතාවයක නිරත විය.

      විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාධාරණ ඉල්ලීම් මත අරඹා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට විසදුම් ලබා නොදීම තුළින් විශ්වවිද්‍යාල පාලන කටයුතු අකර්මන්‍යවී ඇති බවත් එහෙයින් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සිසුහු පෙන්වා දෙති.

පහත දැක්වෙන්නේ විශ්විද්‍යාලය ඉදිරිපිට පැවැති එම විරෝධතාවයේ අවස්ථා කිහිපයකි.


0 comments:

Post a Comment