Subscribe:

විදුහල්පතිවරුන්ටත් හමුදා පුහුණුව

     දිවයිනේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ටද හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 2011 මැයි 25 වෙනි බදාදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

      එහිදී අදහස් දැක්වූ ගුණසේකර මහතා, "විදුහල්පතිවරයාදුර්වල නම් පාසල ඉවරයි. ගුරුමහත්මහත්මීන් දුර්වල නම් අධ්‍යාපනය ඉවරයි. මේඅයට පණ තියෙන්න ඕන, තාප්පයක් උඩින් පනින්නපුළුවන් වෙන්න ඕන.ළමයෙක් අරෙහෙන් මෙහෙන් යන කොට අල්ලගන්න පුළුවන් වෙන්නඕන, ළමයින්ට බය නැතිවෙන්න ඕන. තව නොබෝ දිනකින් විදුහල්පතිවරු 1000ක් පුහුණුකරනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කළා වගේ මාස 3ක නායකත්ව පුහුණුවක්රන්ටැඹේ කඳවුරේදී ලබා දීමෙන් පසු ඔවුන්ට පාසල් භාර දෙනවා" යැයි ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment