Subscribe:

චක්‍රලේඛ නොතකා ඇදුරු වැටුප් ගෙවීමට උපකුළපතීන් සැරසෙයි

     අංශ ප්‍රධානීන්ගේ නිර්දේශයකින් තොරව ආචාර්යවරුන්ට වැටුප් නොගෙවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් උපකුළපතිවරුන් වෙත යොමුකෙරුනු චක්‍රලේඛය නොසලකා සරසවි ආචාර්යවරුන්ට වැටුප් ගෙවීමට උපකුළපතිවරුන් තීරණය කර තිබේ.

      අංශ ප්‍රධානියාගේ හැර වෙනත් කිසිවෙකුගේ නිර්දේශයක් වැටුප් ගෙවීම සඳහා වලංගු නොවන බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ. එහෙත් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් අංශ ප්‍රධාන තනතුරු හෙබවූ ආචාර්යවරුන් බො‍හෝ දෙනෙකු සිය තනතුර අතහැර ඇති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවද උපකුළපතිවරු පෙන්වා දෙති.

      එබැවින් එම චක්‍රලේඛය නොසලකා ආචාර්ය වැටුප් ගෙවීමට උපකුළපති සම්මේලනය විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

      විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබ තිබුණේද මෙලෙස තනතුරු අතහරින ලද ආචාර්යවරුන් හේතුවෙන් සිය වැටුප් පමාවන බවට සරසවි ආචාර්යවරුන් තුළ අප්‍රසාදයක් ඇතිකරවීමේ අරමුණින් බව ද ආචා‍ර්යවරු පවසති.

0 comments:

Post a Comment