Subscribe:

නායකත්ව පුහුණුවේ අභිලාෂ සැක සහිතයි - මහාචාර්ය නිර්මාල් රංජිත්

     උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ හිතුමතේට සිදුකිරීමට යන නායකත්ව පුහුණුවේ අභිලාෂයන් සැක සහිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් හා අදහස් දක්වමින් එහි සභාපති ආචාර්යනිර්මාල් රංජිත් දේවසිරි මේ බව ප්‍රකාශ කළේය.

      එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "මෙම නායකත්ව පුහුණුව අතිශයින් ගැටලු සහගත ක්‍රියාවලියක්, මෙම පුහුණුව මගින් විසදන්නේ මොකක්ද? ඒවා සුළු පටු ප්‍රශ්න නොවෙයි.

      කවු‍රුමොනවා කිව්වත් මම මේක කරනවා කියමින් ඇමතිතුමා සියල්ල දත් ලෙස හැසිරෙනවා. රටේ උසස් අධ්‍යාපනය මෙහෙයවෙන්නේ ඒ වගේ පුද්ගලයින් අතින්නම් එතනම බරපතල ගැටලුවක් තිබෙනවා. විශ්වවිද්‍යාල කියන්නේ දැනුම සම්පාදනය කරන ආයතන. ඒවායේ මෙවැනි ක්‍රියාවලට අදාල දැනුම තියන පුද්ගලයින් සිටිනවා. මේවගේ බැරූරුම් ක්‍රියාමාර්ග ගන්න කලින් ඔවුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළයුතුයි. නමුත් එවැනි සාකච්ඡා ක්‍රියාවලියක් නැහැ. එම නිසා මේ පිටුපස තියන අභිලාෂය පිළිබඳ අපට සැකයක් තියනවා. " යැයි පැවසීය.

0 comments:

Post a Comment