Subscribe:

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබා දෙන්නේ නැහැ - ජනපති

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින ආකාරයේ වැටුප් වැඩිවීමක් ලබාදීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පුවත් පත් කතෘවරුන් හමුවූ අවස්ථාවේදීය.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලීම කිසියම් දේශපාලන අරමුණක් සහිතව කෙරෙන වැඩපිළිවෙළක් බව පෙනෙන්නට ඇතැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.






     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් 200%කින් වැඩි කළහොත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයද එය ඉල්ලා සිටිනු ඇති බවත් ඉටු කළ නොහැකි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ප්‍රථිපලදායක නොවන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

0 comments:

Post a Comment