Subscribe:

බලහත්කාරී ලෙස හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව සිසුන් පෙළගස්වනවා- අන්ත‍රය

     ආණ්ඩුව විසින් නවක සිසුන් සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජිත බලහත්කාරී හමුදා පුහුණුවට එරෙහිව ගතහැකි සියළුම ක‍්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
 
     ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, සංජීව බණ්ඩාර මහතා එසේ පැවසීය එහිදී අදහස් දක්වමින් සංජීව බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුවට මේ වනවිට ඔවුන්ට හිතවත් ශිෂ්‍ය කණ්ඩායමක් විශ්ව විද්‍යාල ඇතුලෙ නිර්මාණය කර ගැනීමට නොහැකි වී ඇති බවය. එනිසා විශ්ව විද්‍යාලයෙන් පරිබාහිරව හෝ තමන්ගේ වැරදි අඩුපාඩුකම් සාධාරණීකරණය කරගත හැකි ශිෂ්‍ය කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම මෙසේ සිසුන්ට හමුදා පුහුණුව ලබා දීමේ මූලික අරමුණ ඇති බවද සංජීව බණ්ඩාර මහතා පෙන්වා දුණි.

 මෙම ක‍්‍රියාවලියේදී, කඳවුරු ඇතුලේදී සිසුන්ට ලිංගික අපචාරකම් සිදුවීමට හැකි ඉඩකඩක් තිබෙන බවද මීට පෙරද කඳවුරු තුළදී එසේ සිදුවී ඇති බවද එය ඉතා බරපතල තත්වයක් බවද ඒ මහතා පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් සංජීව බණ්ඩාර මහතා මෙසේද පැවසීය.



"පේ‍්‍රමවතී මනම්පේරි තරුණියට සිදුවූයේ කුමක්ද කියා ඔබ දන්නවා. පසුගිය ජනවාරී මාසයේ වාකරේ හමුදා කඳවුරේ පිරිසක් විසින් අහිංසක දෙමළ දැරියක දූෂණය කළා. මේ


     ආකාරයේ බොහෝ සිදුවීම් වෙලා තියෙනවා. පසුගිය දිනක රජ රට විශ්වවිද්‍යාලයට පොලීසියෙන් පැමිණි අවස්ථාවේ විශ්වවිද්‍යාල සහෝදරියකට අතවර කරන්න උත්සහ කළා. එනිසා අපි ආදරණීය අම්මලා තාත්තලාගෙන් ඉල්ලා සිටිනවා වාකරේ අහිංසක දැරියගේ ළමා විය විනාශ කරපු අය ගාවට තමන්ගේ අහිංසක දරුවන්ව යවන්න එපා කියලා."

1 comments:

ජයශ්‍රී said...

විශ්ව විද්‍යාලය ඇතුලේ නවක වදය දුන්නට කමක් නැද්ද?

Post a Comment