Subscribe:

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හදන්න පාසල් ගුරුවරු සම්බන්ධවන්නේ නැහැ - ලංකා ගුරුසේවා සංගමය

     මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සඳහා ගුරුවරුන් මැදිහත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කළේය. එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකළේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා මෙහිදී ප‍්‍රශ්න කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්වරුන් උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සිදු නොකළහොත් ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සඳහා ගුරුවරුන් යොදා ගන්නා බවට විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර ඇති බවයි.

ඊට පිළිතුරු දුන් මහින්ද ජයසිංහ මහතා,

     විභාග ප්‍රශ්න පත්‍ර හදන එක පාසල් ගුරුවරුන්ගේ කටයුතුත්තක් නොවෙයි. එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කටයුත්තක්. ප්‍රශ්න පත්‍රවල ප්‍රමිතිය රදවා ගැනීමට තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එය පවරා දී තිබේන්නේ. මේක හරියට බල්ලාගේ වැඩේ බූරුවාට බාර දෙනවා වගේ වැඩක්. ඒ නිසා එම අකටයුත්තෙන් පාසල් ගුරුවරුන් මුදවා ගන්න අප සංගමය කටයුතු කරනවා.

0 comments:

Post a Comment