Subscribe:

සරසවි මිලිටරිකරණයට එරෙහිව ඊයේත් පෙත්සම් 5ක්

     සරසවි සිසු සිසුවියන්ට හමුදා පුහුණුව ලබාදීමට විරෝධය පළකරමින් අද (23 සඳුදා) දිනයේද අධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

      ලංකා ගුරු සංගමය විසින් මින් පෙත්සම් 03 ගොනුකර තිබේ. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රනාන්දු, ආර්. එම්. එස්. එස්. රත්නායක, එන්. එස්. ප්‍රියදර්ශන යන තිදෙනා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ. එමෙන්ම ආර්. අක්‍රම් සහ ආර්. සංකලන යන දෙදෙනා විසින් දැනට අධිකරණයේ ගොනුකර ඇති පෙත්සමට මැදිහත් පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්වීමට අවසර ඉල්ලා තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

      ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති හමුදා පුහුණුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට නොගැලෙපෙන බවට මෙම පෙත්සම්වලින් පැවසෙන බවද වාර්තා වේ. සිසුවියන් හමුදා කඳවුරු තුළ රඳවාගනිමින් පුහුණුව ලබාදීම මුස්ලිම් සහ බෞද්ධ ආගමික සංස්කෘතියන්ට නොගැලපෙන බවද එම පෙත්සම්වල සඳහන් බව පැවසේ.

      එබැවින් මෙම පාඨමාලා මගින් මූලික අයිතීන් උල්ලංඝනය වන බැවින් අදාල පාඨමාලාව නතර කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සම් මඟින් ඉල්ලා තිබිණි.

0 comments:

Post a Comment