Subscribe:

සිසුන්ට හමුදා පුහුණුව දීම රටම හමුදාකරණය කිරීමේ පියවරක් - සජිත් ප්‍රේමදාස

     විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන් වෙනුවට හමුදාකරණය රට තුළ තහවුරු කිරීමේ පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

      විශ්වවිද්‍යාල පද්ධතිය යනු හේතුවාදී තීන්දු ගන්න තැනක් මිස බලය පදනම් කොට තීන්දු තීරණ ගන්නා ස්ථානයක් නොවන බවද පෙන්වා දෙන ඒ මහතා, ඒ නිසාම විශ්වවිද්‍යාල තුළ බුද්ධිමය නිදහස ආරක්ෂා කිරීමටත් අප ප්‍රමුඛ තැනක් දියයුතු බවද පවසයි.

      වර්තමානයේ ශ්‍රී ලංකාව වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම වෙනුවට හමුදා රෙජිමේන්තුකරණය කිරීම සඳහා ආණ්ඩුව දරණ උත්සාහයක් ලෙස මෙම හමුදා පුහුණුව සැළකිය හැකි බවද එම නිවේදනය මඟින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී. තරුණ තරුණියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂිත වූ ආයතන රාශියක් තිබියදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙම පුහුණුව පැවැත්වීම තුළ මෙම රෙජිමේන්තුකරණයේ ස්වරූපය පැහැදිලි ලෙසම මතු වී පෙනෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම සිසුන්ගේ සහ දෙමාපියන්ගේ දැඩි විරෝධය නොතකා හමුදා පුහුණුව ලබාදීම සඳහා ගෙන එනු ලබන බලපෑම්කාරී ක්‍රියාවලියට සිය දැඩි ‍වි‍රෝධය පළකර සිටින බවද පවසන එම නිවේදනය වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තියෙන් දැක්වෙන හෘද සාක්ෂියට බලපෑමක් එල්ල කරන බව අවධාරණය කර සිටින බවයි.

0 comments:

Post a Comment