Subscribe:

සා/පෙළ සිසුන් 610ක ප්‍රතිඵල අවලංගුයි

     පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 610 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

      විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් විවිධ චෝදනා මත ප්‍රතිඵල අත්හිටුවා තිබූ සිසුන් 6804ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඉන් වරදකරුවන් බවට තහවුරුවූ සිසුන් 610 දෙනෙකුගේ ප්‍රතිඵල මෙලෙස අවලංගු කළ බවයි.

      විභාග වංචාවල යෙදීම, විභාග ශාලාවේ විනය විරෝධීව හැසිරීම, කාර්ය මණ්ඩලයට අවනත නොවීම ආදී චෝදනා මෙම සිසුන්ට එල්ලවී තිබූ බවත් එම චෝදනා නිවැරදි නොවන බවට තහවුරු කිරීමට අදාල සිසුන් සමත් නොවූ බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment