Subscribe:

ජනපති සමඟ සාකච්ඡා සඳහා අපිට ආරාධනා නැහැ - සරසවි ආචාර්ය සමිති සම්මේලනය

     සරසවි ආචාර්යවරුන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 23 සඳුදා සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවට නිවේදනය කර තිබුණද මේ වනතෙක් සිය සංගමයට කිසිදු ආරාධනාවක් ලැබී නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පවසයි.

      තම සංගමය විසින් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවට ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කළද මේ සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇත්තේ තමන්ට හිතවත් ආචාර්යවරුන් කිහිප දෙනෙකුට පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

      එමෙන්ම පසුගිය සමය පුරාම ආණ්ඩුව සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්‍ධයෙන් නොසලකා හැරි බවද වැඩි වැටුප් ලබාදීම වෙනුවට ආණ්ඩුව කළේ ආචාර්යවරුන්ට අපහාස කිරීම බවද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මේ වනවිට ආචාර්යවරුන් බොහෝ දෙනෙකු රටහැර යාමට තීරණය කර ඇති බවයි. දැනටමත් සිය මව්බිමෙන් සිදුවන කෙණෙහිලි හේතුවෙන් කළකිරීමට පත් ආචාර්ය මහාචාර්යවරුන් ගණනාවක්ම විදේශ රටවල් කිහිපයක් වෙත රැකියා අවස්ථා සඳහා ඉල්ලුම්කර ඇති බවද ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

0 comments:

Post a Comment