Subscribe:

එස් බී ඇමති හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් වගෙයි

     විශ්ව විද්‍යාල ආචාර්යවරු කියන්නේ මේ රටේ සිටින බුද්ධිමත්ම පිරිස බවත් එම ආචාර්යවරුන් ඉදිරියේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් විලාසයෙන් බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.


     සංජීව බණ්ඩාර මහතා එසේ පැවසුවේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙර ගමන්කරුවන් ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද එහිදී ඒ මහතා පැවසීය.

0 comments:

Post a Comment