Subscribe:

සරසවි සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීම නීති විරෝධියි - ලක්ෂ්මන් කිරිඇල්ල

     විශ්වවිද්‍යාලවලට ප‍්‍රවේශ වන සිසුන් සඳහා හමුදා කඳවුරුවල පුහුණුව ලබාදීමටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තිරණය නීති විරෝධී බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

      එය අනිවාර්යය කිරිමට පෙර විශ්වවිද්‍යාල සිසුන්ගේ කැමැත්ත විමසියයුතු නමුත් එවැනි තීරණයක් අමාත්‍යංශ බලධාරීන් මේ දක්වා ගෙන නොමැති බව එමප ක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

      "ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාව ය‍ටතේවත්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ වත් මේ ආකාරයෙන් පුහුණුවක් ලබා දෙන්න බැහැ. මේ ආකාරයෙන් පුහුණුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කැමැත්ත අවශ්‍යයි. බලහත්කාරයෙන් මෙවැනි පුහුණුවක් ලබා දෙන්න බැහැ.

      අනෙක් අතට හමුදාවේ තිබෙන්නේ ඉහලින් එන නියෝගය හරි හෝ වැරදි වුනත් ක්‍රියාත්මක කරන සංස්කෘතියක්. නමුත් විශ්වවිද්‍යාල තුළ තිබෙන්නේ ඉහලින් එන දේ ප්‍රශ්න කරන සංස්කෘතියක්. විශ්වවද්‍යාල තුලින් බලාපොරොත්තු වන්නෙත් එයයි. එය බුද්ධිමතුන් ඉන්න තැනැක්. නිදහස් අදහස් හුවමාරු වන එක සංවාද ඇතිවන එක තමයි විශ්වවිද්‍යාල තුළ සිදුවිය යුත්තේ. දැන් ආණ්ඩුව හදන්නේ හැම ප්‍රශ්නයක්ම අයිආර්සී විදිහට විසදන්න.

      මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සමඟ හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමඟ සාකච්ඡා කර නැහැ. අපි ආණ්ඩුවෙන් අහනවා මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කරන්න බැරි ඇයි"

0 comments:

Post a Comment