Subscribe:

හමුදා පුහුණුවට එරෙහිව අන්තරය සහ මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

     විශ්වවිද්‍යාල සඳහා ප‍්‍රවේශ වීමට අපේක්‍ෂාවෙන් සිටින නවකසිසුන් සඳහා සති තුනක හමුදා පුහුණුවක් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය සහ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය අධිකරණය හමුවට යාමට තීරණය කර තිබේ.

      ඒ අනුව ආණ්ඩුවේ මෙම බලහත්කාරී තීරණයට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

      මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වරයා, උසස් අධ්‍යාපන ඇමති වරයා, උසස් අධ්‍යාපන ලේකම් වරයා හා නීතිපති වරයා නම් කිරීමට නියමිතය.

      2011-05-23 වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත මෙම පුහුණුව සියලු සිසුන්ට අනිවාර්ය කර ඇති අතර සහභාගී නොවන සිසුන්ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයඅහිමිවන බව දන්වා ඇත. මෙය විශ්වවිද්‍යාල වලට ප‍්‍රවේශ වන සිසුන්ගේ මූලිකඅයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බව සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment