Subscribe:

ද්විතීයික පාසල්ව්‍යාපෘතිය නිසා පළමු වසරට සිසුන් අතුළත් කිරීම අවුලෙන් අවුලට

     යෝජිත ද්විතීයික පාසල්සංවර්ධන ව්‍යාපෘතිය නිසා ලබන වසරේ (2012) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහාඅයෑදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙමව්පියෝ දැඩිගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති.


     ද්විතීයික පාසල් දහසක්‌ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියටතෝරාගෙන ඇති පාසල්වලින් සියයට 75ක පමණ ම ප්‍රාථමික අංශඉවත් කිරීමට සිදුවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. මෙමසංවර්ධන ව්‍යාපෘතියට තෝරාගෙන ඇති පාසල් අතරින් 750ක්‌ පමණපළමු ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්‌වා පන්තිපැවැත්වෙන පාසල් බව දැනගන්නට ඇත. ඒවා සංවර්ධනය කෙරෙන්නේද්විතීයික පාසල් ලෙස බැවින් ඒවායේ ප්‍රාථමික අංශඅනිවාර්යයෙන් ම ඉවත් කෙරේ. ජාතික පාසල් දෙසීයක්‌ පමණ ද මෙමපාසල් ලැයිස්‌තුවට අයත් ය. මෙම පාසල් අතරින් ලබන වසරේදී සංවර්ධනය කෙරෙන්නේ කුමන පාසල්ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක්‌ ප්‍රකාශයට පත් කරනැත.
 
     මෙම තත්ත්වය මත දෙමව්පියෝ මෙන්ම මෙම පාසල්වල විදුහල්පතිවරුද අර්බුදයට පත්ව සිටිති. ලබන වසරේදීසංවර්ධනය කිරීමට නියමිත පාසල් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයඉක්‌මනින්ම ප්‍රකාශයක්‌ කළ යුතුව ඇතැයි දෙමව්පියෝ පවසති.විශේෂයෙන් මෙම ලැයිස්‌තුවට ඇතුළත් වන ජාතික පාසල්වලප්‍රාථමික අංශ ඉවත් කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක්‌අත්‍යවශ්‍ය යෑයි ද ඔවුහු සඳහන් කරති.
 
     මෙම සංවර්ධන ව්‍යාපෘතියට අයත් වන පාසල් ලැයිස්‌තුවකැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය සඳහා මේ වන විට ඉදිරිපත් කර ඇත.ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට අයෑදුම්පත්ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ලබන මස 30 වැනිදාය. එහෙයින්ලබන වසරේ සංවර්ධනය කෙරෙන පාසල් ගැන අමාත්‍යාංශය ඉක්‌මන්ප්‍රකාශයක්‌ කිරීමේ අවශ්‍යතාව දෙමව්පියෝ අවධාරණය කරති.

0 comments:

Post a Comment