Subscribe:

දරුවාට පාසලක් ඉල්ලා කුරුණෑගල මවක් සහ පියෙක් පාරට

     තම දරුවාට පාසලක් ලබා දෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ මවක් සහ පියෙක් දරුවන්ද සමඟ අද කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. තම දරුවා (වගීස ජනක රත්නායක) සියලු සුදුසුකම් ලබා සිටියදී 2011 වසර සඳහා මේවන තෙක් පාසලක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පා ඔවුන් මෙම විරෝධතාවයේ යෙදිනි.

එහිදී අප වාර්තාකරු වෙත අදහස් දැක්වූ එම පියා (අතුල හේමන්ත),

      "දරුවා කියන්නේ රටක පන නල, හෙට දවසේ ආයෝජනය. නමුත් අද දරුවාට පාසලක් ලබා දෙන්න කියලා පාරට බහින්න සිද්දවෙලා තියනවා. අද වන විට දරුවා පාසලට ඇතුළත් කිරීමත් දේශපාලකයින්ගේ අනසකට යට වෙලා. ආදර්ශ විදුහලේ පොරොත්තු ලේඛනයේ මගේ ළමයාගේ නම තියනවා. නමුත් පළාත් මහ ඇමතිතුමා ලග ජනවාරි මාසයේ සිට ලේඛණය තබා ගෙන සිටිනවා.

      මවිසින් පසුගිය ජනවාරි මාසයේ කලාප අධ්‍යාපන බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මහ ඇමතිතුමාට ලයිස්තුව යවා ඇති බැවැන් එම ලේඛනය ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

      අවසානයේ මම වෙන පාසලක් ලබාදෙන්න කියලා ඉල්ලුවත් ලිඛිතව විතරයි දුන්නේ. පළාත් පාලන මැතිවරණ සමයේ කිව්වා මැතිවරණ රාජකාරී නිසා කරන්න බැහැ කියලා. නමුත් දැන් මැතිවරණ ඉවරයි. අවුරුදු, වෙසක් ඉවර වෙලා. නමුත් තාම දරුවාට පාසලක් නැහැ. එනිසා තමයි අපි අද පාරට බැස්සේ. "


0 comments:

Post a Comment