Subscribe:

එස්.බී.ගේ වහසි බස් ගැන මහානායක හිමිවරු දැනුවත් කරයි

     උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාට නිගරුවන ආකාරයෙන් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය තීරණය කර තිබේ.

     ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කරන එම බලමණ්ඩලය එස්.බී. දිසානායක මහතා පසුගිය කාලයේ සිදුකල ප්‍රකාශ කිහිපයක් පිළිබඳ අවධානය යොමුකර තිබේ.

එම නිවේදනයේ මෙසේ සදහන්වේ,

     විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා නවක සරසවි සිසු සිසුවියන් සඳහා දියත් කරන්නට සැළසුම් කර ඇති හමුදා පුහුණුවට සම්බන්ධ වන හමුදා උපදේශකයන් සඳහා වන විශේෂ හමුවක් පසුගියදා (මැයි 13)පනාගොඩයුද හමුදා කඳවුරේදී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදුණි. එහිදීඅදහස් දක්වමින් තමන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සිය ගණනින්එළියට දැමූ ආකාරය ගැන වහසි බස් දෙඩූ ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ පවසා ඇත. ‘‘ මම ඇමති වුනාටපස්සේ සීයයි දෙසීයයි දෙසිය පනහයි තුන්සියයි මේ තොග පිටින් එළියට දානවා. අර ජයවර්ධනපුර මැරිච්චඑකෙකුත් එළියට දාල බලනකොට. හහ් හහ් හා.....(සිනහවෙමින්) එස්.බී. දිසානායක ඇමතිවරයා මෙලෙස ජයවර්ධන මැරිච්ච එකෙක් ලෙස හඳුන්වන්නේ ජයවර්ධනපුරසරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියදී අපවත් වී වදාළ නමුත් ඉන් මාස 06ක් ගතවීමෙන් පසුව එම සරසවිපරිපාලනය විසින් පුදුම සහගත ලෙස පන්ති තහනමක් ලබා දුන් කඩවත්රැබෑවේ සාරානන්ද හිමියන් පිළිබඳවයි.

     2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට පිළිවෙතින් පෙළ ගැසෙන්නට ලෝකයට ම ආරාධනා කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ, උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ පහත් පිළිවෙත මහා සංඝරත්නය ලෙස අපටකිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඉහත සාකච්ඡාවේදී එතෙකින් නොනැවතුනු එස්.බී. ඇමතිවරයා හමුදා නිළධාරීන් අමතමින් තවදුරටත් පවසා සිටියේ ‘‘මේ තමුන්නාන්සේ ළඟට එන්නේ අහිංසක එවුන් උන් යක්කු කරලා ගන්නේ. මේ නායකත්වය මොන තරම් භයානක වෙලාද කියනවනම් විශ්වවිද්‍යාල වලට වඩා භයානකයි. කාර්මික විද්‍යාල ඊට වඩා භයානකයි භික්ෂු විශ්වවිද්‍යාල මේවගේ තැනකට අලූත් හාමුදුරුගොල්ලෝ ගියාම අපට විශ්වාස කරන්න බැරි තරම් පර පීඩනයක් දෙනවා. ගමේ පන්සලේ අහිංසක විදියට ඉන්න සාමනේර හාමුදුරුවෝ තමයි භික්ෂු විශ්වවිද්‍යාල වලට ගියාම නවක වදය දීලා යක්ෂයෙක් බවට පත් කරන්නේ ’’

     මේ ආකාරයෙන් අවලාද හා සාවද්‍ය කරණු මතු කරමින් එස්.බී. දිසානායක ඇමතිවරයා සරසවි භික්ෂු ප‍්‍රජාවට එල්ල කර ඇති චෝදනාව බරපතල ය. සරසවි පාලකයන් දෙන දස වද ඉවසා ගත නොහැකිව පසුගියදා අපවත් වුණු බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන්ගේ අපවත් වීම පිළිබඳව කටේ කෙළ බිඳක් නොහෙළු එස්.බී. ඇමතිවරයා සරසවි භික්ෂූන් වහන්සේලාට නිගරු කරමින් කටමැත දොඩවන මේ අසත් පුරුෂ පිළවෙත දැඩි පිළිකුලෙන් යුතුව අප හෙළා දකින්නෙමු.

     එමෙන් ම මේ පිළිබඳව මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අප කටයුතු කරන අතර සියලූ සරසවි වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා සිසු සිසුවියන් සමඟ මේ තත්ත්වයට එරෙහි ශිෂ්‍ය ක‍්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වීමට කටයුතු කරමු.

0 comments:

Post a Comment