Subscribe:
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

සබරගමු සරසවි ශිෂ්‍යාට පහර දීම හා ඒ පිටුපසආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රය හෙළි වේ.

පසුගිය අගෝස්තු 03 වෙනිදා අලූයම 3ට පමණ සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් එහි නේවාසිකව සිටි කිළිනොච්චි මුහමලේ පදිංචි චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට අත් පා බැ`ද දමා පහර දී තුවාල කර තිබුණි. මොහු සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවෙකිග මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙම පහර දීමත් සමග එහි දමිළ සිසුන්ට දින 10ක් තුළ සරසවියෙන් ඉවත් වන ලෙසටත් දමිළ සහෝදරියන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා තිබුණි. 

සබරගමුවේ සිසුන්ට කදුළුගෑස් බැටන් පොලු ප්‍රහාර

සබරගමුව සරසවියේ සිසුන් අද දින කොලඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේ අරාම්භ කල උපවාසයට පොලීසිය හා ගුවන් හමුදා සෙබළු එක්ව බැටන් පොලු හා කදුළුගෑස් ප්‍රහාරක් එල්ල කර තිබේ. සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් 5 තහනම් කිරීමත් සිසු නායකයින් 4 දෙනෙකුට පැන වූ අසාධාරණ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් අඛණ්ඩව සටන් කල අතර අද උදෑසන සිසුන් 1000ක පමණ පිරිසක් පඹහින්න මන්සන්දියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය. මෙම උපවසයට පොලිසිය හා ගුවන් හමුදා බටයන් එක්ව කදුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර සිසුන් 5දෙනෙක් අතඩන්ගුවට ගෙන තිබේ.

සබරගමුව සිසුන් අඛන්ඩ අරගලයේ

අසාධාරණ ලෙස තහනම් කල ශිෂ්‍ය සංගම් හා සිසු නායකයින්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස බලකරමින් 29 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමෙන් පසු සිසුන් උපවාසයක් ආරම්භ කරන ලදී. සිසුන් එහිදී වැඩි දුරටත් කියා සිටියේ පරිපාලනයේ මුග්ධ තීන්දුව හකුලා ගන්නා තුරු සිසු අරගල කිසි විටකත් නතර නොකරන බවත්,සිසුන් බයවද්දා සිසුන්ට මරණ තරජන එල්ල කර නම් මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට පරිපාලනය කටයුතු කරන්නේ නම් ඒ සදහා මුහුන දීමට තමන් සුදාන් බව සිසුන් දැඩි ලෙස කියා සිටියේය.

උසස් පෙළ ප්‍රතිඵල හෙට


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (25) නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.

නලින්ද සිල්වාට එරෙහිව සරසවි ඇදුරන් සටනට.

මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පා කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඊයේ සංකේත වර්ජනයක නිරත වූහ. කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරනු පේරාදෙණිය සිසුන් උද්ඝෝෂණයේ..


යෝජිත අධ්‍යාපන පෞද්ගලීකරණ පනතට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පේරාදෙණිය විශ්විද්‍යාලයේ සිට කොළඹ දක්වා සංවිධානය කර තිබූ පා ගමන ඊයේ දින ආණ්ඩුව විසින් නතර කරන ලදී.

ආණ්ඩුව හමුදා පුහුණුවේදී සිසුන්ගේ ජීවිත මරණීය අනතුරුවලට ඇද දමලා -අන්තරේ

     ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සඳහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසකසිසුන් මාරාන්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙනබව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

ආචාර්ය වැටුප් ඉල්ලීමට විසදුම.....

      පෙරේදා (03 සිකුරාදා) පැවැත්වූ සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිවූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අප කළ විමසීමකදී ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රකාශකයෙක් මේ බව අනාවරණය කළේය.

ආණ්ඩුවේ මිලිටරි පුහුණුවට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභා කරයි

     සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට පවත්වන නායකත්ව පුහුණු වැඩසටහනට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05කි අද (02 බ්‍රහස්පතින්දා) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභා කර තිබේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග සහ කේ. ශ්‍රී පවන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලිනි.

අධිකරණ නියෝග මගින් වෘත්තීය අරගල යටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ - ආචාර්ය නිර්මාල් රංජිත්

     අධිකරණ නියෝග මගින් වෘත්තීය සමිති අරගල කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය හෙළා දකින බවත් එම උත්සාහය සාර්ථක වීමට තම සංගමය කිසිසෙත් ඉඩ නොදෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.

එස්.බී. අග්නි දිග විශ්වවිද්‍යාලයට පැන යකා නටයි...

     උසස්අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා ඊයේ (30) දින පෙ.ව.9.00ට පමණ අග්නි දිග විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සහතිකපත් ප‍්‍රදානෝත්සවයකට සහභාගී විය. මෙහි දී ඇමතිවරයා හැසිරී ඇත්තේ විශ්වවිද්‍යාලයක දී හැසිරිය යුතු ආකාරයකට නොව දඩබිමක දඩයක්කාරයෙකු හැසිරෙන ආකාරයට ය.

තවත් උපාධි කඩ 15කට ආණ්ඩුවෙන් අවසර

      තවත් පෞද්ගලික ආයතන 15කට උපාධි පිරිනැමීමට අවසර දීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ.

      මෙම ආයතන විසින් සිය අයදුම්පත් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමුකර ඇතැයිද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි. මෙම අයදුම්පත් සම්බන්ධයෙන් සළකා බලා මාස 06ක පමණ කාලයක නිරීක්ෂණය කර එම අවසරය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

හමුදා පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ

     නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සිසුවියෝඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

      එම පුවත්පතට අනුව, ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දීමට පුහුණුව ආරම්භ කර දින 2 ක්‌ ගත වී ඇති අතර ආහාර පානද කිසිදු ප්‍රමිතියක්‌ නොමැතිබව එම සිසුවියන් දෙමව්පියන්ට පවසා ඇත. මදුරුවන්ගෙන් ගහණපරිසරයක පිහිටි එම කඳවුරේ සිසුවියන්ට පෙරේදා (25 වැනිදා)වනවිට මදුරු දැල් ලබාදී ඇති නමුත් ඒවා එල්ලා ගැනීමටපහසුකම් නැතැයි ද සිසුවියෝ ප්‍රකාශ කර ඇත.

රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම හෙලාදකිනවා - අනුර දිසානායක

     බොරු පොරොන්දු ලබාදී රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

      ඒ මහතා මේ බව පැවසුවේ 26 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ආණ්ඩුවේ වැඩ පිළිවෙල තුළින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශ‍යේ ඇතුළත් කරුණු හාස්‍යයට ලක්වී ඇතැයි පෙන්වාදුන් දිසානායක මහතා මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ලාංකේය අධ්‍යාපනය විනාශ මුඛයට තල්ලුවන බවද සභාවේ අවධානයට යොමු කරවීය.

එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් විය.

අවශ්‍ය නම් විදේශිය සරසවිවල උගන්වා වැඩිපුර සල්ලි හොයන්න - එස්.බී. සරසවි ඇදුරන්ට කියයි

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශීය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමෙන් සහ බාහිර පාඨමාලා මෙහෙයවීමෙන් විශාල ආදායමක් උපැයිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කඳවුරුවල වැසිකිලි සේදිමත් පාඨමාලාවට ඇතුළත් - එස්. බී. කියයි

     සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් උදෙසා පවත්වනු ලබන පාඨමාලාවට වැසිකිලි සේදීම සම්බන්ධ පුහුණුවක් ද ඇතුළත් බව අද (26 බ්‍රහස්පතින්දා) පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

      ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ජනපති හමුවෙන් විසඳුමක් තබා ඉඟියක්වත් ලැබුණෙ නැහැ - සරසවි ඇදුරෝ පවසති

     ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (25 බදාදා) පැවැත්වූ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සති දෙකකින් විසඳුම් නැත්නම් අනධ්‍යයන සේවකයෝත් වෘත්තීය සටනකට

     දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සරසවි අනධ්‍යයන සේවකයෝ මුහුණපාන ගැටලුවලට දින 14ක්‌ ඇතුළත විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ තීරණය කර සිටිති.මේ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද (26 වැනිදා) ලිඛිතව දැනුම් දෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවැසීය.

සරසවි ඇදුරු අරගලයට ජ,පුර සිසුනුත් සහයට

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අරඹා ඇති අරගලයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් මැයි 25 වෙනි බදාදා දහවල් විරෝධතාවයක නිරත විය.

විදුහල්පතිවරුන්ටත් හමුදා පුහුණුව

     දිවයිනේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ටද හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 2011 මැයි 25 වෙනි බදාදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.