ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා කියූ ලංකාව ලෝකයේම නූගතුන්ගේ දේශය බවට පත් නොකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවලට වහා විසදුම් ලබා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ 2011 මැයි 17 වෙනි අඟහරුවාදා කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා
‘‘විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ට ගැටළු ගණනාවක් ඇති බව වසර ගණනාවක පටන් සාකච්ඡා කරමින් සිටියා. එම ගැටළු ආණ්ඩුවට ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. නමුත් බොරු පොරොන්දු දුන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මේ සැබෑ ප‍්‍රශ්නයන් විසඳන්නේ නැතුව කල් මර මරා හිටියා .ඒකේ ප‍්‍රතිපලයක් විදියට මේ ප‍්‍රශ්නය අද විශ්වවිද්‍යාල පද්ධතියම අරාජික කරපු ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා. සියලූම අධ්‍යයන ක‍්‍රියාවලියන් ඇණ හිටලා. විශ්වවිද්‍යාල වල ස්වේච්ඡා සේවයෙන් ආචාර්යවරුන් ඉවත් වූ පසුව අධ්‍යයන ක‍්‍රියාවලිය පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙනවා. අංශාධිපතිවරු ඉල්ලා අස්වීමත් සමඟ විශ්වවිද්‍යාල පද්ධතියම අරාජික වුණා. විශ්වවිද්‍යාල වල දේශන ශාලා විවෘත වුණේ නැහැ. විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර විවෘත වුණේ නැහැ. ඒ වගේම විභාග ක‍්‍රියාවලිය ඇණ හිටියා. ප‍්‍රශ්න පත‍්‍ර හදන එක, ප‍්‍රශ්න පත‍්‍ර නිකුත් කරන එක, විභාග කාල සටහන් හදන එක, විභාග අයදුම් පත‍්‍ර නිකුත් කිරීම ආදී මුළු විභාග ක‍්‍රියාවලිය ම ඇණ හිටලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන ක‍්‍රියාවලිය බිඳ වැටිලා අද උසස් අධ්‍යාපනය බරපතල අර්බුදයකට ලක් වෙලා.’’

‘‘විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මේ වැටුප් අරගලයට අපි හද පත්ලෙන්ම සහයෝගය ලබා දෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වසර ගණනාවක් සාකච්ඡා කරපු කාරණයක් තිබුණා. ඔවුන්ගේ ප‍්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පොරොන්දු වෙලා තිබුණා. අද නොවෙයි මේ ප‍්‍රශ්නය ගැන ආචාර්යවරුන් මේ ගැටළු ගැන කතා කළේ. 2008 ජනවාරි 31 වනදා ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තිබෙන වැටුප් ප‍්‍රශ්නය ගැන ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයාට ඔවුන් කරුණු දැක්වූවා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පිළිගන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප‍්‍රශ්නයක් තිබෙන් බව. ඔහු ඒ අවස්ථාවේ පොරොන්දු වෙනවා හැකි ඉක්මණින් මේ ප‍්‍රශ්නයට විසඳුමක් සපයන ලෙස.’’
‘‘අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යා හැකි, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි සාධාරණ වැටුපක් ඔවුන්ට ලැබෙන්න ඕන. එසේ නැති වුවහොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාල ඇතුළේ අධ්‍යාපන ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වෙනවා. ඒ වගේම නව ආචාර්යවරුන් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රයට පැමිණීම වැළකෙනවා. අපි දන්නවා සාධාරණ වැටුපක් නොලැබෙද්දී සුදුසුකම් තිබෙන ශිෂ්‍යයෝ ආචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාල තුළට එන්නේ නැහැ. ඔවුන් වෙනත් වෙනත් රැකියා හොයා ගෙන යනවා. ඒ විතරක් නොවෙයි විශ්වවිද්‍යාල වල දැනට සිටින ආචාර්යවරුන් තමන්ට ජීවත් වීමට සරිලන වැටුපක් නොලැබෙද්දී විශ්වවිද්‍යාල හැර යනවා. දැනට විශාල පිරිසක් විදේශ ගත වෙලා තියෙනවා සුදුසු රැකියාවක් සොයාගෙන. ඒක රටට උසස් අධ්‍යාපනයට විශාල පාඩුවක්. ඒකට වගකියන්න ඕන ආණ්ඩුව.’’
‘‘මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ලොව ගණනය කිරීම් වල ඉහළට ගෙන එනවා කියන උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳලා අද විශ්වවිද්‍යාල පත්වෙලා තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න උත්සාහ දරන්නේ නැහැ. එක විටෙක ඔහු කියනවා විශ්වවිද්‍යාල තුළ මුදල් සොයන්න හැකියාව තිබෙද්දී ආණ්ඩුවෙන් මුදල් ඉල්ලන්න එපා කියලා. ආණ්ඩුව මේ මොකක්ද කියන්නේ, රාජ්‍ය අධ්‍යාපනය විකුණලා මුදල් හොයන්න කියලා.ආචාර්යවරුන්ට වැටුප් වැඩි කරන්න ජනතාවට බදු ගහන්න වෙනවා කියනවා. මේ රටේ ජනතාවගෙන් බදු බදු පිට බදු ගහලා බඩු මිල ඉහල යන එක දැනටමත් හැමදාමත් සිදු වෙමින් පවතිනවා. බොරු සැණකෙලි පවත්වලා බොරු සංවර්ධනයක් මවා පානකොට හෙජින් වගේ හොර ගිවිසුම් ගහනකොට මේ බවක් ආණ්ඩුවට මතක් වුණේ නැද්ද? මන්ත‍්‍රීවරුන්ගෙන් විශාල ප‍්‍රමාණයකට ඇමතිකම් වරප‍්‍රසාද දීලා එහෙම දෙන්න බැරි වුණු මන්ත‍්‍රීවරුන්ට කෝටි ගණනක් වියදම් කරලා වාහන අරන් දෙනකොට මහ භාණ්ඩාගාරයේ මුදල් නැති බව මතක් වුණේ නැද්ද? තවත් විටෙක කියනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පර්යේෂණ නොකරන නිසා පර්යේෂණ දීමනා නොලැබෙන නිසා මෙවන් ගැටළුවක් පැණ නැගී තියෙනවා කියලා. දවසකින් දෙකකින් සතියකින් පර්යේෂණයක් කරන්න පුළුවන් ද? සමහර විට පර්යේෂණයක් කරන්න අවුරුදු ගණනක් ගත වෙනවා. ඉතිං ඒ පර්යේෂණ දීමනාව මාසික වැටුපක් බවට පත්වෙන්නේ කොහොම ද?’’
‘‘අපි ආණ්ඩුවට කියනවා මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කරන්නෙ නැතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගුණාත්මකව පරිහානියට ලක් කරන්නේ නැතුව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවා කියපු ලංකාව ලෝකයේම නූගතුන්ගේ දේශය බවට පත් කරන්නේ නැතුව මේ ප‍්‍රශ්නයට වහාම විසඳුම් ලබා දෙන්න කියලා. විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය වටපිටාව වහාම හදලා දෙන්න. එසේ නොවුණහොත් ඉදිරියේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට අපෙන් ලබා දිය හැකි සියලූ ම සහයෝගයන් අපි ලබා දෙනවා. මේ රටේ සියලූම බලවේග එක් කරමින් අපි සියලූ දෙනාම මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා වූ දැවැන්ත අරගලයක් නිර්මාණයක කිරීමට නායකත්වය ගන්නා බවට අපි ආණ්ඩුවට දන්වා සිටිනවා.’’
0 comments:
Post a Comment