Subscribe:

රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම හෙලාදකිනවා - අනුර දිසානායක

     බොරු පොරොන්දු ලබාදී රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

      ඒ මහතා මේ බව පැවසුවේ 26 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ආණ්ඩුවේ වැඩ පිළිවෙල තුළින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශ‍යේ ඇතුළත් කරුණු හාස්‍යයට ලක්වී ඇතැයි පෙන්වාදුන් දිසානායක මහතා මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ලාංකේය අධ්‍යාපනය විනාශ මුඛයට තල්ලුවන බවද සභාවේ අවධානයට යොමු කරවීය.

එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් විය.

      "අපේ රටේ බුද්ධිමය ක්‍ෂේත‍්‍රයේ , පර්යේෂණ ක්‍ෂේත‍්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ද සුවිශාල ගැටලූ ප‍්‍රමාණයක් මෙන් ම සමාන්තර අධ්‍යාපන සුදුසුකම් සහිත අනෙකුත් රාජ්‍ය සේවා හා පුද්ගලික අංශයේ වැටුප සංසන්ධනය කරන විට අඩු වැටුපක් ලබමින් තව දුරටත් විශ්වවිද්‍යාල වල සේවය කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මාගේ ස්තූතිය පුද කරන අතර ඔවුන් එම තත්ත්වයට පත් කර ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන විනාශ කර පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩ විවර කිරීමට බලා ගෙන සිටින ආණ්ඩුවට බලවත් කණගාටුව ප‍්‍රකාශ කර සිටිමි."

      "2010 ජූලි 20 වන දින මෙම ගරු සභාවේ අවධානයට මෙම ගැටලූ ඉදිරිපත් කර සිටීමේ දී මම කියා සිටියේ පොරොන්දු දේශපාලනය තුළ අතරමං කර ඔවුන්ගේ සේවය පිළිබඳ අතෘප්තියක් ඇති නොකරන බවය. එහිදී ගරු එස්.බී. දිසානායක ඇමතිතුමා ප‍්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා මෙම ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය වරක් නොව දෙවරක්ම ඇහුම්කන් දුන් බවය. ඒ වගේම රුපියල් 20 750 මූලික වැටුපක සිටින ආධුනික පහළ ශ්‍රේණියේ කතිකාචාර්යවරයාගේ වැටුප රුපියල් 72 000ටත් රුපියල් 57 755ක මූලික වැටුපකට සිටින ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයාගේ වැටුප රුපියල් 2 00 000 කටත් ගෙන යන බවයි. මෙලෙස බොරු පොරොන්දු ලබා දී රටේ බුද්ධිමත් ම ශ‍්‍රම සම්පත රැුවටීම අප පිළිකුලින් යුතුව හෙළා දකිනවා.
මේ මොහොත වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට පෙළඹී සිටින බව අප කව්රුත් දන්නවා. මේ තත්ත්වයට පත් විමට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරු 2008 සිට සාකච්ඡුා කර ආණ්ඩුව විසින් පොරොන්දු ලබා දී ඉටු නොකිරීම නිසා ඇති වූවකි. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ආණ්ඩුවට කොපමණ අවස්ථා ලබා දුන්නද ආණ්ඩුව ඒවා තඹ සතයකට ගණන් නොගන්නා බව අප දනිමු. ඔවුනගේ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග සාධාරණ බව ඔප්පු කිරීමට මම පහත කරුණු ඉදිරිපත් කරමි.


1. ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාවලියක් ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් පසුගිය 2007 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දීම

2. 2008 ජනවාරි 31 ගරු ජනාධිපතිතුමා සමඟ අරලිය ගහ මන්දිරයේදී සාකච්ඡුා කිරීම
 
3. 2008 වසරේදී ආචාර්යවරුන්ගේ වැටුප් ව්‍යුහයන් සංශෝධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කිරීම වැටුප් සම්බන්ධයෙන් කළ දීර්ඝ අධ්‍යයනකින් පසුව එම වසරේ අගෝස්තු 08 වනදා එම කමිටුව සිය නිර්දේශ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම. එහි සඳහන් වූයේ ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා සාධාරණ තලයක පිහිටුවා නැති බවය. ආචාර්යවරුන්ට සමාන සුදුසුකම් සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි වැටුපක් හමුවන බව ද සඳහන් විය. එමෙන් ම ඒ හා සමාන මට්ටමකට ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු යැයි කමිටුව නිර්දේශ කර තිබිණි.
 
4. 2008 සැප්තැම්බර් 08 උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙන් ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමෂන් සභාවේ ද අනුමැතිය ඇතිව නව වැටුප් ව්‍යුහයක් ඇතුළත් යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම. එම වැටුප් යෝජනා කිසිදු සැළකිල්ලකට භාජනය නොවුණි.
 
5. 2009 මාර්තු 24 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්ය, විධායක , කාර්මික හා අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් සංශෝධන පිළිබඳව යෝජනා එතැන් සිට මසක් තුළ ඉදිරිපත් කරන බව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව ලිඛිතව දැනුම් දීම.
 
6. 2009 දෙසැම්බර් මස 09 වැනිදා ජනාධිපතිවරණය පවත්වන වකවානුවේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී ද සාකච්ඡුා විය.
 
7.2010 ජූලි 20 වන දින මා විසින් මෙම සභා ගැබ තුළ නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ගරු එස්.බී.දිසානායක මහත්මා ලබා දුන් වැටප් වැඩිවීමක් අවශ්‍ය බව අයවැය ලේඛනයෙන් ලබාදෙන බවටත් වූ පොරොන්දුව
 
8. 2010 සැප්තැම්බර් 04 ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට එවූ ලිපිය
 
9. 2010 සැප්තැම්බර් 05 ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැටුප් යෝජනා වලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම. 

      දැන් තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයකට පත්වෙමිනුයි තිබෙන්නේ. මේ වන විට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය විශාල බලපෑමකට ලක්ව තිබෙනවා. මේ වනවිට ඔවුන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ලෙස අංශ ප‍්‍රධාන. ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය උපදේශක, ශිෂ්‍ය උපදේශක, පාඨමාලා සම්බන්ධීකාරක වැනි ස්වේච්ඡුා පරිපාලන තනතුරුවලින් ඉවත් තිබෙනවා. ආචාර්යවරුන්ගෙන් 90% ක් පමණ එකඟතාවය පළ කර එම තනතුරුවලින් ඉවත්වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව අය වැයෙන් කළ යෝජනා බහුතරයක් ආචාර්යවරුන් අනුමත නොකරන බවය. "

      මේ වනවිට සරසවිවල අංශ ප‍්‍රධානීන් ලෙස සේවය කළ 318 දෙනාගෙන් 278 දෙනෙකුම තනතුරු අතහැර ගොස් ඇති බවද දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරසිටියේය. මෙම ගැටලුව හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් බරපතල අපහසුතාවයකට පත්වී සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඊයේ (25 බදාදා) ජනාධිපතිවරයා සහ ආචාර්යවරුන් සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

0 comments:

Post a Comment