Subscribe:

සරසවි ඇදුරෝ පරිපාලන තනතුරුවලින් අද සිට ඉවත්වෙති

    විශ්ව විද්‍යාල තුළ ආචාර්යවරුන් දැරූ ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් අද (09) සිට ඉවත්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    මේ වනවිට ආචාර්යවරුන්ගෙන් විශාල පිරිසක් සිය අස්වීම් ලිපි භාර දී ඇතැයිද එම සම්මේලනයේ සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය. තවද තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන තෙක් කුමන බාධක පැමිණියද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවද හෙතෙම පැවසීය.

    මේ අතර විශ්ව විද්‍යාල කොමිෂන් සභාව පවසන්නේ, තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ නම් එය මාස 3 කට පෙර දැනුම් දිය යුතු බවත් එසේ කටයුතු නොකරන්නේ නම් එම ආචාර්යවරුන් තනතුර අත්හැර ගියා සේ සලකා වෙනත් පුද්ගලයන් ඊට අනුයුක්ත කරන බවත්ය.

    එහෙත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ, අදාළ චකුලේඛය නීතිවිරෝධී බවය.

0 comments:

Post a Comment