Subscribe:

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 40,000 ඉක්මවයි

     රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව මේවන විට හතළිස්‌දහස ඉක්මවා ඇති බවත් මධ්‍යම පළාතේ පමණක්‌ ඉන් හය දහසක්‌ දෙනා සිටින බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු දිනිඳු සමන් හෙන්නායක මහතා 12 වැනිදා මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

    මැතිවරණ කාලයේදී උපාධිධාරීන්ට රැකියා දෙන බවට බොරු පොරොන්දු දෙමින් මැතිවරණ කටයුතුවලට ඔවුන් යොදා ගනිමින් සහාය ලබාගන්නා බවත් බලයට පත්වීමෙන් පසුව ඇතැම් මැති ඇමැතිවරුන් "රැකියා නැත කියා" ගෙවල්වල බෝඩ් ගසාගෙන සිටිනබවත් හෙන්නායක මහතා කීය.

     රැකියා විරහිත උපාධිධාරී සංගමයේ මධ්‍යම පළාත් කැඳවුම්කරු චානක බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් 2007 වසරේදී මධ්‍යම පළාතේ උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවාගැනීම සඳහා පවත්වන ලද විභාගයෙන් සමත්වූවන්ට තවමත් ගුරු පත්වීම් ලබාදී නැතැයි ද පැවැසීය.

0 comments:

Post a Comment