Subscribe:

ආචාර්යවරුන්ගේ ගැටලුව වහා විසඳිය යුතුයි - ටිල්වින් සිල්වා

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ බවත් තවදුරටත් ඔවුන්ට බොරු පොරොන්දු ලබා නොදී වහාම ඔවුන්ගේ ගැටලුව විසඳීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

     අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය. ‘‘විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා

සරසවි ඇදුරෝ පරිපාලන තනතුරුවලින් අද සිට ඉවත්වෙති

    විශ්ව විද්‍යාල තුළ ආචාර්යවරුන් දැරූ ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් අද (09) සිට ඉවත්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    මේ වනවිට ආචාර්යවරුන්ගෙන් විශාල පිරිසක් සිය අස්වීම් ලිපි භාර දී ඇතැයිද එම සම්මේලනයේ සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය. තවද තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන තෙක් කුමන බාධක පැමිණියද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවද හෙතෙම පැවසීය.

සරසවි ඇදුරු අරගලයට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සහය

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිය ඉල්ලීම් දිනාගැනීම සදහා ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය දියාරු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දරණ උත්සාහය දැඩි පිළි‍කුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබානොදේනම් විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම කැමැත්තෙන් අදාල රාජකාරි

කොළඹ සරසවි භූමියත් තරු පහේ හෝටලයකට

     කොළඹ විශ්වවිද්‍යාලය එතැනින් ඉවත්කර එම භූමියේ තරු පහේ හෝටලයක් ඉදිකිරීමටත්, ඒ ආශ‍්‍රිත භූමිය කැසිනෝ වීදි සඳහා යොදාගැනීමටත් ආණ්ඩුව සූදානම් වේ. මෙය සිදුකෙරෙන්නේ දේශීය ධනවතුන් සඳහා අවශ්‍ය සුපිරි වාණිජ පුරවරයක් කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය යටතේය.

     මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලය හා ඒ අවට ප‍්‍රදේශය දිවුලපිටියට හෝ දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණය අසල භූමියට ගෙනයාමට ආණ්ඩුව සැලැසුම්කර තිබේ.

     කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ගාලූ මුවදොර ආශ‍්‍රිත ප‍්‍රදේශයද පසුගියදා ආණ්ඩුව විසින් සිංගප්පූරුවේ ෂැංග‍්‍රි-ලා හෝටල් සමාගමට රුපියල් කෝටි 1387කට විකුණා දැමුණු අතර එම හමුදා මූලස්ථානය යළි බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් කෝටි 3850ක් වැයවන බවට මාධ්‍ය වාර්තා පළවිය.

සරසවි ඇදුරන් මට්ටු කිරීමට ආණ්ඩුව සැරසේ

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ලබාදෙන තෙක් සියලු ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණයට එරෙහිව අණ්ඩුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

     විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක 956දරන චක්‍රලේඛයට අනුව සරසවි ආචාර්යවරුන් සිය ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වුව හොත් යළි කිසිදිනක තනතුරක් සඳහා පත්විය නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ‍ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා තිබේ.

     කෙසේවුවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ සිය වැටුප් පිළිබඳ ඉල්ලීම් මුල්කරගනිමින් ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට අදාල ලිපි භාරදීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිය තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් කරා එළඹීමට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවී ඇති බවත්ය.