Subscribe:

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් සබරගමුව සරසවියේ තවත් සිසුවෙකු රැගෙන යයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

මාධ්‍ය නිවේදනයයි. 
2014/08/09

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් සබරගමුව සරසවියේ තවත් සිසුවෙකු රැගෙන යයි.


සබරගමුව සරසවියේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සන්දිර කුමාර් සුදර්ශන් ශිෂ්‍යා අද උදෑසන ත‍්‍රස්ත විමර්ශන ඒකක මගින් රැගෙන ගොස් තිබේ. මෙලෙස රැගෙන ගොස් තිබෙන්නේ පසු ගිය අගෝස්තු 3 වන දින අළුයම 3.00ට පමණ සබරගමුව සරසවියේ බණ්ඩාර නේවාසිකාගරයට පැමින නන්නාදුනන පිරිසක් විසින් පහර දුන් ශිෂ්‍යා වේ. පහර කෑමෙන් පසු මොහු නේවාසිකව ප‍්‍රතිකාර ලැබුවේයග ඊයේ දිනයේ නේවාසික ප‍්‍රතිකාර ලබා අවසන් වූ පසු පොලිස් බාරයේ තබාගෙන සිට තිබෙන අතර අද උදෑසන කොලඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් මෙම ශිෂ්‍යා රැගෙන ගොස් තිබේ.
මෙලෙස මොහුට පහර දෙනු ලැබුවේ රත්නා ලංකා ආරක්ෂක නිළදාරින් සිටියදීම වේ. පහරදීමෙන් පසුව දමිල සිසුන්ට දින 10ක් ඇතුලත සරසවියෙන් ඉවත් වන ලෙසත් දමිල ශිෂ්‍යාවන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා ගොස් තිබුණි.
එසේ තිබියදී පසුගිය අගෝස්තු 5වන දිනද සමාජ විද්‍යා හා භාෂා පීඨයේ 3න් වන වසර ඉගෙනුම ලබන යෝගරාජ නිරෝශන් ශිෂ්‍යයා විභාගය සදහා පෙනි සිටිමින් සිටියදී ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් පැහැරගත් ගන්නා ලදී. විශ්වවිද්‍යාලීය පරිපාලනයේන් පැහැරගත් යෝගරාජ සිසුවා ගැන විමසීමට ගිය සහෝදර සිසුන්ට තර්ජනාත්මක බැන ඔහුන්ගේ හැදුනුම් පත් ලබාගැනිමට ක‍්‍රියා කර ඇත. මෙම සිද්ධීන් පිළිදව අගෝස්තු 6වන දින සමරගමුව සරසවිය සුරකීමේ ශිෂ්‍ය එකමුතුව මගින් මාධ්‍ය හමුවක් කැදවූ අතර එම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ ශිෂ්‍ය නායකයින්ට හා ඔහුන්ගේ නිවෙස් වලට ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන්යැයි හදුන්වා තර්ජනය කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස මෙම සමස්ථ සිදුවීම් ජාලයට තරයේ විරුද්ධ වන අතර එමෙන්ම මෙම සිදුවීම් පිටිපස ඇති පාලකයින්ගේ දේශපාලන වුවමනාවන් පිළිබදව සමස්ත සමාජයම අවධානය යොමු කළ යුතු බව අපගේ හැගීමයි.
වසර 30ක යුද්දයක කටුක අත්දැකීමෙන් පසු පාලකයින් විසින් නැවත වතාවක් ජාතිවාදය වපුරමින් සිටින්නේ තම බලය රැුක ගැනීමට ඇති අනර්ඝතම ක‍්‍රමවේදය ජාතිවාදය බැවිනි. එය අපට පසු ගියදා අළුත්ගමදී සිදු වූ ජාතිවාදී කෝළහලය කදිමට සාක්ෂි දරයි.
අධ්‍යාපනය වෙළද භාන්ඩයක් කිරීමේ වත්මන් පාලකයින්ගේ උත්සහයට, එහිදී එල්ල වෙන මර්ධනයට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් කරමින් , සටන් ජයගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය අරගල කරන මේ මොහොතේ විවිධ ආකාරයෙන් එම අරගලය මර්ධනය කිරීමට උත්සහ කළද නොහැකි වූ තැන, සරසවිය තුළ ජාතිවාදය වැපිරීමේ උත්සහය බව අපි මෙම සිදුවීම් වලින් දනිමු
උසස් අධ්‍යාපන ඇමති දිසානයක මහතා ප‍්‍රකාශ කර තිබුනේ මෙම සිදුවීම එම සිසුවා විසින්ම කර ගත දෙයක් බවය. තවද ඇතැම් මාධ්‍ය පවසමින් සිටින්නේ අත්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා දේශපාලන පක්ෂ කිහිපයක උවමනාව මත මෙම සිදු වූ බවයයි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපට ඇසීමට ඇත්තේ, විශ්වවිද්‍යාලීය පරිපාලනය, ආරක්ෂක අංශ, ත‍්‍රස්ථ විමර්ශන ඒක්කය හැසරවීමට බලය ඇත්තේ අන්තර් විශ්ව බලමණ්ඩලය වන අප හටද එසේ නොමැතිනම් මෙරට පාලකයින්ටද බවයි. එබැවින් නිස්චිතවම පාලකයින් මෙම ප‍්‍රශ්නය පිටුපස සිටින බවත් මෙය සරසවි තුළ ජාතිවාදය වැපරවීමේ පාලකයින්ගේ උවමනාවම බවත් අපට කිව යුතුය.
එබැවින් පළමු මොහොතේම මෙම පාලකයන්ගේ බලය රැුක ගැනීමේ මෙවැනි ම්ලේච්ඡ උත්සහයන්ට, සමස්ත සමාජයම එරෙහි විය යුතුය. පැහැරගත් සන්දිර කුමාර් සුදර්ශන් වහා නිදහස් කරනු! ජාතිවාදී ගැටුම් ඇතිකිරීමේ පාලකයන්ගේ උත්සහයට එරෙහිවෙමු!
ස්තුතියි.

සබරගමු සරසවි ශිෂ්‍යාට පහර දීම හා ඒ පිටුපසආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රය හෙළි වේ.

පසුගිය අගෝස්තු 03 වෙනිදා අලූයම 3ට පමණ සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් එහි නේවාසිකව සිටි කිළිනොච්චි මුහමලේ පදිංචි චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට අත් පා බැ`ද දමා පහර දී තුවාල කර තිබුණි. මොහු සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවෙකිග මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙම පහර දීමත් සමග එහි දමිළ සිසුන්ට දින 10ක් තුළ සරසවියෙන් ඉවත් වන ලෙසටත් දමිළ සහෝදරියන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා තිබුණි.