Subscribe:

අධිකරණ නියෝග මගින් වෘත්තීය අරගල යටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ - ආචාර්ය නිර්මාල් රංජිත්

     අධිකරණ නියෝග මගින් වෘත්තීය සමිති අරගල කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය හෙළා දකින බවත් එම උත්සාහය සාර්ථක වීමට තම සංගමය කිසිසෙත් ඉඩ නොදෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.

එස්.බී. අග්නි දිග විශ්වවිද්‍යාලයට පැන යකා නටයි...

     උසස්අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා ඊයේ (30) දින පෙ.ව.9.00ට පමණ අග්නි දිග විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සහතිකපත් ප‍්‍රදානෝත්සවයකට සහභාගී විය. මෙහි දී ඇමතිවරයා හැසිරී ඇත්තේ විශ්වවිද්‍යාලයක දී හැසිරිය යුතු ආකාරයකට නොව දඩබිමක දඩයක්කාරයෙකු හැසිරෙන ආකාරයට ය.

තවත් උපාධි කඩ 15කට ආණ්ඩුවෙන් අවසර

      තවත් පෞද්ගලික ආයතන 15කට උපාධි පිරිනැමීමට අවසර දීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ.

      මෙම ආයතන විසින් සිය අයදුම්පත් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමුකර ඇතැයිද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි. මෙම අයදුම්පත් සම්බන්ධයෙන් සළකා බලා මාස 06ක පමණ කාලයක නිරීක්ෂණය කර එම අවසරය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

සරසවි ප්‍රවේශ අවම ඉසඩ් ලකුණු

     2010/2011 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (27වැනිදා) නිකුත්කරන ලදී.

      අවම ඉසඩ් ලකුණු මත සිසුන් 20274දෙනෙක්‌ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙන අතර විශේෂ හා අතිරේක ප්‍රවේශයද සමඟ 22500ක උපරිම සිසුන් ප්‍රමාණයක්‌ තෝරා ගැනීමට නියමිතය.

හමුදා කඳවුරු තුල සිසුන්ට පහසුකම් නෑ, සිසුන් අසරණවෙලා – අන්තරය

     "අද මේ රටේ විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු ඇතුළෙ අනේකවිධ දුක් විඳිනවා. ඒවා බලා ඉන්න බැරි දෙමව්පියො අද නොකා නොබී ගෙවල් වලට වෙලා ඉන්නවා. ආණ්ඩුව විශ්ව විද්‍යාල සිසුන් සඳහා වද දීමට හඳුන්වා දුන් පුහුණුවක් මේක. දෙමව්පියෝ කියන විදිහට ආරම්භයේ ඉඳලම සිසුන්ට ඉතාමත් පීඩාකාරී විදිහට තමයි සලකලා තියෙන්නෙ. ''

හමුදා පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ

     නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සිසුවියෝඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

      එම පුවත්පතට අනුව, ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දීමට පුහුණුව ආරම්භ කර දින 2 ක්‌ ගත වී ඇති අතර ආහාර පානද කිසිදු ප්‍රමිතියක්‌ නොමැතිබව එම සිසුවියන් දෙමව්පියන්ට පවසා ඇත. මදුරුවන්ගෙන් ගහණපරිසරයක පිහිටි එම කඳවුරේ සිසුවියන්ට පෙරේදා (25 වැනිදා)වනවිට මදුරු දැල් ලබාදී ඇති නමුත් ඒවා එල්ලා ගැනීමටපහසුකම් නැතැයි ද සිසුවියෝ ප්‍රකාශ කර ඇත.

රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම හෙලාදකිනවා - අනුර දිසානායක

     බොරු පොරොන්දු ලබාදී රටේ බුද්ධිමත්ම ශ්‍රම සම්පත රැවටීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

      ඒ මහතා මේ බව පැවසුවේ 26 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ආණ්ඩුවේ වැඩ පිළිවෙල තුළින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශ‍යේ ඇතුළත් කරුණු හාස්‍යයට ලක්වී ඇතැයි පෙන්වාදුන් දිසානායක මහතා මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ලාංකේය අධ්‍යාපනය විනාශ මුඛයට තල්ලුවන බවද සභාවේ අවධානයට යොමු කරවීය.

එම ප්‍රකාශනයේ මෙසේද සඳහන් විය.

අවශ්‍ය නම් විදේශිය සරසවිවල උගන්වා වැඩිපුර සල්ලි හොයන්න - එස්.බී. සරසවි ඇදුරන්ට කියයි

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශීය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමෙන් සහ බාහිර පාඨමාලා මෙහෙයවීමෙන් විශාල ආදායමක් උපැයිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කඳවුරුවල වැසිකිලි සේදිමත් පාඨමාලාවට ඇතුළත් - එස්. බී. කියයි

     සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් උදෙසා පවත්වනු ලබන පාඨමාලාවට වැසිකිලි සේදීම සම්බන්ධ පුහුණුවක් ද ඇතුළත් බව අද (26 බ්‍රහස්පතින්දා) පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.

      ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ජනපති හමුවෙන් විසඳුමක් තබා ඉඟියක්වත් ලැබුණෙ නැහැ - සරසවි ඇදුරෝ පවසති

     ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (25 බදාදා) පැවැත්වූ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සති දෙකකින් විසඳුම් නැත්නම් අනධ්‍යයන සේවකයෝත් වෘත්තීය සටනකට

     දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සරසවි අනධ්‍යයන සේවකයෝ මුහුණපාන ගැටලුවලට දින 14ක්‌ ඇතුළත විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ තීරණය කර සිටිති.මේ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද (26 වැනිදා) ලිඛිතව දැනුම් දෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවැසීය.

සරසවි ඇදුරු අරගලයට ජ,පුර සිසුනුත් සහයට

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අරඹා ඇති අරගලයට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් මැයි 25 වෙනි බදාදා දහවල් විරෝධතාවයක නිරත විය.

විදුහල්පතිවරුන්ටත් හමුදා පුහුණුව

     දිවයිනේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ටද හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ 2011 මැයි 25 වෙනි බදාදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

චක්‍රලේඛ නොතකා ඇදුරු වැටුප් ගෙවීමට උපකුළපතීන් සැරසෙයි

     අංශ ප්‍රධානීන්ගේ නිර්දේශයකින් තොරව ආචාර්යවරුන්ට වැටුප් නොගෙවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් උපකුළපතිවරුන් වෙත යොමුකෙරුනු චක්‍රලේඛය නොසලකා සරසවි ආචාර්යවරුන්ට වැටුප් ගෙවීමට උපකුළපතිවරුන් තීරණය කර තිබේ.

හමුදා පුහුණුවට ගිය සිසුවියකට සර්පයෙක් දෂ්ටකර රෝහලේ

     නවක විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන පුහුණුව සඳහා මින්නේරිය යුද හමුදා කඳවුරට ඇතුළත්කළ සිසුවියක සර්පයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බව වාර්තාවේ.

මිලිටරි පුහුණුව: කන්නත් නෑ, වැසිකිලිත් නෑ, වැඩකුත් නෑ, දරුවෝ ඇඬූ කදුළින්

     හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි.

     සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා වැය කර එස්.බී. දිසානායකගේ බඩු ලැයිස්තුව ද රැගෙන හමුදා කඳවුරු කරා ගිය නවක සිසු සිසුවියන් බොහෝ දෙනෙක් ප්‍රථම දිනය ගත කළේ ඇඬූ කදුළින් බව තොරතුරු මාර්ග පවසයි.

හමුදා පුහුණුවට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට?

     නවක සරසවි සිසුන්ට ලබා දෙන නායකත්ව පුහුණුවට එරෙහි පෙත්සම් විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කරුවන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් ලබන සදුදාට (30) ට පෙර තීන්දුවක් ලබා දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.

SB විනයක් නැති ඇමතිවරයෙක් - මල්වතු නා හිමි

     එස්.බී. දිසානායක අමාත්‍යවරයා යනු විනයක් නොමැති පුද්ගලයකු බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ නියෝජිතයින් මල්වතු හිමියන් බැහැදුටු මොහොතේය.

සරසවි ඇදුරු සටනට රජරට සිසු සහය

     සරසවි අධ්‍යාපනය අඩාල නොකොට ආචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද (24 අඟහරුවාදා) රජරට සරසවියේදී සිසු උද්ඝෝෂණයක් පැවති බව වාර්තා වේ.

සා/පෙළ සිසුන් 610ක ප්‍රතිඵල අවලංගුයි

     පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 610 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

      විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් විවිධ චෝදනා මත ප්‍රතිඵල අත්හිටුවා තිබූ සිසුන් 6804ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඉන් වරදකරුවන් බවට තහවුරුවූ සිසුන් 610 දෙනෙකුගේ ප්‍රතිඵල මෙලෙස අවලංගු කළ බවයි.

සිසුන්ට හමුදා පුහුණුව දීම රටම හමුදාකරණය කිරීමේ පියවරක් - සජිත් ප්‍රේමදාස

     විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන් වෙනුවට හමුදාකරණය රට තුළ තහවුරු කිරීමේ පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සරසවි මිලිටරිකරණයට එරෙහිව ඊයේත් පෙත්සම් 5ක්

     සරසවි සිසු සිසුවියන්ට හමුදා පුහුණුව ලබාදීමට විරෝධය පළකරමින් අද (23 සඳුදා) දිනයේද අධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

      ලංකා ගුරු සංගමය විසින් මින් පෙත්සම් 03 ගොනුකර තිබේ. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රනාන්දු, ආර්. එම්. එස්. එස්. රත්නායක, එන්. එස්. ප්‍රියදර්ශන යන තිදෙනා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ. එමෙන්ම ආර්. අක්‍රම් සහ ආර්. සංකලන යන දෙදෙනා විසින් දැනට අධිකරණයේ ගොනුකර ඇති පෙත්සමට මැදිහත් පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්වීමට අවසර ඉල්ලා තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

ජනපති සමඟ සාකච්ඡා සඳහා අපිට ආරාධනා නැහැ - සරසවි ආචාර්ය සමිති සම්මේලනය

     සරසවි ආචාර්යවරුන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 23 සඳුදා සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවට නිවේදනය කර තිබුණද මේ වනතෙක් සිය සංගමයට කිසිදු ආරාධනාවක් ලැබී නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පවසයි.

"එකඟ වෙනු නැතිනම් දංගෙඩියට යනු" -උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තේමා පාඨය වෙලා - මානව හිමිකම් කේන්ද්‍රය

      සරසවියට අවශ්‍ය වන්නේ මිලිටරි විනයක් නොව ශාස්ත්‍ර විනයක් බවත් , ආණ්ඩුව විසින් සරසවි සිසුන්ට හමුදාව ලවා පුහුණුවක් ලබාදීම හෘද සාක්ෂියේ නිදහස සීමා කිරීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

      සරසවි සිසුන්ට අවශ්‍ය වන්නේ එක් නායකයෙකුගේ අණ පිටුපස අන්ධානුසාරයෙන් ගමන්ගන්නා මිලිටරි විනයක් නොව පර්යේෂණ හා විමසුම් ඇසුරෙන් ශාස්ත්‍ර ගවේෂණය සඳහා පුහුණු කිරීමේ සහ හේතුවාදී තීන්දුවලට එළඹීමේ ශාස්ත්‍ර විනයක් ඇතිකිරීම බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එමඟින් වැඩිදුරටත් පවසා තිබේ.

එස්.බී.ගේ වහසි බස් ගැන මහානායක හිමිවරු දැනුවත් කරයි

     උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාට නිගරුවන ආකාරයෙන් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය තීරණය කර තිබේ.

     ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කරන එම බලමණ්ඩලය එස්.බී. දිසානායක මහතා පසුගිය කාලයේ සිදුකල ප්‍රකාශ කිහිපයක් පිළිබඳ අවධානය යොමුකර තිබේ.

එම නිවේදනයේ මෙසේ සදහන්වේ,

සරසවි මිල්ටරීකරණය ගුරුවරුන් හෑල්ලුකර ජනතා මුදල් කාබාසිනියා කරන‍ බොළඳ වැඩක් -ලංකා ගුරු සේවා සංගමය

     විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට නියමිත සිසුන් සඳහා ලබාදීමට නියමිත හමුදා පුහුණුවට විරෝධය පළකරමින් ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

නායකත්ව පුහුණුවේ අභිලාෂ සැක සහිතයි - මහාචාර්ය නිර්මාල් රංජිත්

     උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ හිතුමතේට සිදුකිරීමට යන නායකත්ව පුහුණුවේ අභිලාෂයන් සැක සහිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් හා අදහස් දක්වමින් එහි සභාපති ආචාර්යනිර්මාල් රංජිත් දේවසිරි මේ බව ප්‍රකාශ කළේය.

සරසවි මිල්ටරීකරණයට වෙන්කල මුදලින් මිලියන 90ක් දැනටම ඉවරයි

     ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසු සිසුවියන් වෙනුවෙන් ආරම්භ කිරීමට යෝජිත පාඨමාලාවට එරෙහිව අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශ්වවිද්‍යාල මූලික කරගත් පාලන ක්‍රමවේදය දැන් ඉවරයි - ඩලස්

     සරසවි අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් මෙරට රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වත්මන්ජනාධිපතිවරයා විසින් වෙනස් කළ බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස්අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ මාතර ප්‍රදේශයේ අද පැවැති උත්සවයක්අමතමිනි.

එස්. බී. ගේ වැඩ කිඩ ටිකක්....

ඔහුට විශ්ව විද්‍යාල සිසුන් වහ කඳුරුය. විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වහකදුරුය. ජේ.වී.පී. ‘‘කාරයින්’’ද වහකදුරුය. මන්ද ඒ අයට ඔහුට මෙන් ‘‘විනයක්’’ ‘‘හික්මීමක්’’ නැති නිසාය. දැන් අප කියන්න යන්නේ ‘‘ ඒ විනය ගරුක ’’ ‘‘ගුණ ගරුක’’ මිනිසාගේ වැඩ කිඩ වලින් බිඳකි. ඔහු නම් අන් කවරෙකුවත් නොව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකය. ඔබට කැමති නම් ඔහු හරහා අපේ රටේ ‘‘ගුණ ගරුක, විනය ගරුක’’ මුලූ ඇමති මණ්ඩලයේම වැඩ කිඩ කියවා ගැනීමට අවස්ථාව තිබේ.

ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජී.ඞී.සී. ඒකනායක නැමැත්තා විසින් 2010-08-17 දා තමින් යුතුව වෙළෙඳ තීරු බදු හා ආයෝජන ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිපියක් එවයි. එහි ශීර්ෂය මෙසේය. ‘‘ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ භාවිතය සඳහා ආනයනය කරනු ලබන ටොයොටා (BRAND NEW TOYOTA LAND CRUISER JEEP) ජීප් රථය රේගු ගාස්තු පසුව ගෙවීමේ පදනම මත නිදහස් කර ගැනීම.’’

අධිකරණයට අපහාස කිරීම එස්.බී.ට සාමාන්‍ය දෙයක්ද? - අන්තරේ

     අධිකරණයට අපහාස කිරීම එස්.බී. දිසානායක මහතාට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත්දැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රශ්න කරයි. සිසුන්ට හමුදා පුහුණුව ලබාදී මේ වැඩසටහන සතියකින් කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් එම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවට එස්.බී. දිසානායක මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම බලමණ්ඩලය මේ බව ප්‍රශ්න කරයි.

හමුදා පුහුණුවට සරසවි ඇඳුරන්ගේ විරෝධය

     විශ්වවිද්‍යාල තුලට ඇතුළත්වන නවක සිසුන්ට යුද හමුදා කඳවුරු තුළ හමුදා පුහුණුවක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

අධිකරණය නියෝග කලත් හමුදා පුහුණු වැඩසටහන කල්දමන්නේ නැහැ - එස්.බී.

     විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූනායකත්ව පුහුණු සංවර්ධන වැඩසටහන සැලසුම් කළ පරිදි මැයි 23 වන දින සිටපැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

දරුවාට පාසලක් ඉල්ලා කුරුණෑගල මවක් සහ පියෙක් පාරට

     තම දරුවාට පාසලක් ලබා දෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ මවක් සහ පියෙක් දරුවන්ද සමඟ අද කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. තම දරුවා (වගීස ජනක රත්නායක) සියලු සුදුසුකම් ලබා සිටියදී 2011 වසර සඳහා මේවන තෙක් පාසලක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පා ඔවුන් මෙම විරෝධතාවයේ යෙදිනි.

සරසවි සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීම නීති විරෝධියි - ලක්ෂ්මන් කිරිඇල්ල

     විශ්වවිද්‍යාලවලට ප‍්‍රවේශ වන සිසුන් සඳහා හමුදා කඳවුරුවල පුහුණුව ලබාදීමටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තිරණය නීති විරෝධී බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හමුදා පුහුණුවට එරෙහිව අන්තරය සහ මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

     විශ්වවිද්‍යාල සඳහා ප‍්‍රවේශ වීමට අපේක්‍ෂාවෙන් සිටින නවකසිසුන් සඳහා සති තුනක හමුදා පුහුණුවක් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය සහ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය අධිකරණය හමුවට යාමට තීරණය කර තිබේ.

ද්විතීයික පාසල්ව්‍යාපෘතිය නිසා පළමු වසරට සිසුන් අතුළත් කිරීම අවුලෙන් අවුලට

     යෝජිත ද්විතීයික පාසල්සංවර්ධන ව්‍යාපෘතිය නිසා ලබන වසරේ (2012) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහාඅයෑදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙමව්පියෝ දැඩිගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති.

දැනු‍මේ කේන්ද්‍රස්ථානය නූගතුන්ගේ දේශය බවට පත් නොකොට ආචාර්යවරුන්ගේ ගැටළුවටල විසදුම් ලබා දෙන්න - සංජීව බණ්ඩාර

     ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා කියූ ලංකාව ලෝකයේම නූගතුන්ගේ දේශය බවට පත් නොකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවලට වහා විසදුම් ලබා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ 2011 මැයි 17 වෙනි අඟහරුවාදා කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

හමුදා කඳවුරු තුළ සරසවි සිසු සිසුවියන්ට ලබාදෙන පුහුණුව මෙහෙමයි - එස්. බී

     විශ්ව විද්‍යාලවල නවක සිසුන්ට හමුදා කඳවුරු තුළ ලබාදෙන නායකත්ව පුහුණුවේදී ළමුන්ට උදේම නැගිටින හැටිත්, දත්මදින, මුහුණ සෝදන, කනබොන හැටි වෙලාවට කරන හැටිත් පුහුණු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී පවසයි.

ජනපති කියන්නේ බොරු, ආචාර්යවරුන් ඉල්ලුවේ 50%ක වැටුප් වැඩිවීමක්

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියයට දෙසීයක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින්නේ 50%ක වැටුප් වැඩිවීමක් පමණක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාපීඨ ආචාර්ය සංගමයේ විධායක සභික මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

රැකියා විරහිත උපාධිධාරීන් ගණන 40,000 ඉක්මවයි

     රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව මේවන විට හතළිස්‌දහස ඉක්මවා ඇති බවත් මධ්‍යම පළාතේ පමණක්‌ ඉන් හය දහසක්‌ දෙනා සිටින බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු දිනිඳු සමන් හෙන්නායක මහතා 12 වැනිදා මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

සිසු මර්දනයට එරෙහි පාගමනක් හා උද්ඝෝෂණයක්

     අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය මගින් සංවිධානය කළ විරෝධතා පාගමනක් 2011 මැයි 12 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කොට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියට ගමන් කරන ලදී.

      ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ශිෂ්‍ය මර්දනයේ පීඩනයට හසුව, එම පීඩනකාරී තත්ත්වය දරා ගත නොහැකි හේතුවෙන් බුද්ධ ශ‍්‍රාවක බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන් අපවත් වීම සිදුව තිබුණි. ඒ සඳහා බලපෑ හා සමස්ත ලාංකේය සිසුන් වෙත එල්ල කර ඇති මර්දනයට විරෝධය පාමින් මෙම පා ගමන පැවැත්වූ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට රැස් වූ භික්ෂූන් වහන්සේලා විරෝධතා ව්‍යාපාරයක ද නිරතවූහ.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හදන්න පාසල් ගුරුවරු සම්බන්ධවන්නේ නැහැ - ලංකා ගුරුසේවා සංගමය

     මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සඳහා ගුරුවරුන් මැදිහත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කළේය. එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකළේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මාධ්‍යවේදියා මෙහිදී ප‍්‍රශ්න කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්වරුන් උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සිදු නොකළහොත් ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම සඳහා ගුරුවරුන් යොදා ගන්නා බවට විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර ඇති බවයි.

ඊට පිළිතුරු දුන් මහින්ද ජයසිංහ මහතා,

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබා දෙන්නේ නැහැ - ජනපති

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින ආකාරයේ වැටුප් වැඩිවීමක් ලබාදීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පුවත් පත් කතෘවරුන් හමුවූ අවස්ථාවේදීය.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලීම කිසියම් දේශපාලන අරමුණක් සහිතව කෙරෙන වැඩපිළිවෙළක් බව පෙනෙන්නට ඇතැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.


බලහත්කාරී ලෙස හමුදා පුහුණුව ලබාදීමට එරෙහිව සිසුන් පෙළගස්වනවා- අන්ත‍රය

     ආණ්ඩුව විසින් නවක සිසුන් සඳහා ක‍්‍රියාත්මක කිරීමට යෝජිත බලහත්කාරී හමුදා පුහුණුවට එරෙහිව ගතහැකි සියළුම ක‍්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
 

භික්ෂුවගේ දිවි නසා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ තරමයි - අ.වි.බ.ම. කැඳවුම්කරු

     අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් සිය දිවි නසා ගැනීමේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ බරපතළ කම බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එස් බී ඇමති හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් වගෙයි

     විශ්ව විද්‍යාල ආචාර්යවරු කියන්නේ මේ රටේ සිටින බුද්ධිමත්ම පිරිස බවත් එම ආචාර්යවරුන් ඉදිරියේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හැසිරෙන්නේ පිස්සු හැදුණු සුනඛයෙක් විලාසයෙන් බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

බාහිර උපාධිධාරීන් රටට මහ බරක් බව එස් බී කියයි

     බාහිර උපාධිධාරීන් රටට, ගමට, පවුලට මහ බරක් යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පවසයි.

     ඔහු එසේ පැවසුවේ ඊයේ (09) මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමිනි. විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ "ක්‍රීම් ඔෆ් ද ක්‍රීම්" දරුවන් බවත් අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහි කරන එක ඉදිරියට නත‍ර කළ යුතු යැයිද දිසානායක මහතා පැවසීය.

ආචාර්යවරුන්ගේ අරගලයට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ පූර්ණ සහය

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරබා ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව එම සම්මේලනයේ සභාපති ආර්.එම්. චන්ද්‍රපාල මහතා පැවසීය.

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට ශිෂ්‍ය භික්ෂුවක් බිලිවේ

     විභාභ ප්‍රතිඵල අත්හිටුවීම හේතුවෙන් අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වස පානය කර අපවත්වී තිබේ. මෙසේ අපවත්ව ඇත්තේ භික්ෂු විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලැබූ කඩු කිරින්දේ සිරිසුනන්ද ස්වාමීන් වහන්සේය.

සරසවි තුළ ස්වේච්ඡා තනතුරු නෑ,තනතුරුවලින් ඉවත් වූවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා-UGC

     වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධව තොරතුරු ලබාදෙන ලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට මේ වනවිට දන්වා යවා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසයි.

ආචාර්යවරුන්ගේ ගැටලුව වහා විසඳිය යුතුයි - ටිල්වින් සිල්වා

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ බවත් තවදුරටත් ඔවුන්ට බොරු පොරොන්දු ලබා නොදී වහාම ඔවුන්ගේ ගැටලුව විසඳීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

     අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය. ‘‘විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා

සරසවි ඇදුරෝ පරිපාලන තනතුරුවලින් අද සිට ඉවත්වෙති

    විශ්ව විද්‍යාල තුළ ආචාර්යවරුන් දැරූ ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් අද (09) සිට ඉවත්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

    මේ වනවිට ආචාර්යවරුන්ගෙන් විශාල පිරිසක් සිය අස්වීම් ලිපි භාර දී ඇතැයිද එම සම්මේලනයේ සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය. තවද තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන තෙක් කුමන බාධක පැමිණියද සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවද හෙතෙම පැවසීය.

සරසවි ඇදුරු අරගලයට අධ්‍යාපන වෘත්තිකයන්ගේ සහය

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිය ඉල්ලීම් දිනාගැනීම සදහා ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය දියාරු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දරණ උත්සාහය දැඩි පිළි‍කුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබානොදේනම් විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම කැමැත්තෙන් අදාල රාජකාරි

කොළඹ සරසවි භූමියත් තරු පහේ හෝටලයකට

     කොළඹ විශ්වවිද්‍යාලය එතැනින් ඉවත්කර එම භූමියේ තරු පහේ හෝටලයක් ඉදිකිරීමටත්, ඒ ආශ‍්‍රිත භූමිය කැසිනෝ වීදි සඳහා යොදාගැනීමටත් ආණ්ඩුව සූදානම් වේ. මෙය සිදුකෙරෙන්නේ දේශීය ධනවතුන් සඳහා අවශ්‍ය සුපිරි වාණිජ පුරවරයක් කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය යටතේය.

     මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලය හා ඒ අවට ප‍්‍රදේශය දිවුලපිටියට හෝ දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණය අසල භූමියට ගෙනයාමට ආණ්ඩුව සැලැසුම්කර තිබේ.

     කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ගාලූ මුවදොර ආශ‍්‍රිත ප‍්‍රදේශයද පසුගියදා ආණ්ඩුව විසින් සිංගප්පූරුවේ ෂැංග‍්‍රි-ලා හෝටල් සමාගමට රුපියල් කෝටි 1387කට විකුණා දැමුණු අතර එම හමුදා මූලස්ථානය යළි බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් කෝටි 3850ක් වැයවන බවට මාධ්‍ය වාර්තා පළවිය.

සරසවි ඇදුරන් මට්ටු කිරීමට ආණ්ඩුව සැරසේ

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ලබාදෙන තෙක් සියලු ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණයට එරෙහිව අණ්ඩුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

     විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක 956දරන චක්‍රලේඛයට අනුව සරසවි ආචාර්යවරුන් සිය ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වුව හොත් යළි කිසිදිනක තනතුරක් සඳහා පත්විය නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ‍ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා තිබේ.

     කෙසේවුවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ සිය වැටුප් පිළිබඳ ඉල්ලීම් මුල්කරගනිමින් ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වීමට අදාල ලිපි භාරදීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිය තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් කරා එළඹීමට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවී ඇති බවත්ය.